“මා, විශාල මුදලක් වටිනවා කියා අද උදෑසන මට සිතුවිල්ලක් පැමිණියේය; දැන් මට ඩොලරයක්වත් තිබේදැයි මම නොදනිමි.” කියා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති කෙනෙකුවූ යුලිසීස් එස්. ග්‍රාන්ට් එම වචන පැවසුවේ ව්‍යාපාරික හවුල්කරුවෙකු විසින් ඔහුගේ ජීවිතය පුරා ඉතුරු කළ මුදල් වංචා කළ දිනයේය. මාස කිහිපයකට පසු, ග්‍රාන්ට්ට සුව කළ නොහැකි පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලදී. ඔහුගේ පවුලට අවශ්‍ය පහසුකම් සැපයීම ගැන සැලකිලිමත් වූ ඔහු, තමන් මිය යාමට සතියකට පෙර සම්පූර්ණ කරන ලද ඔහුගේ මතක සටහන් ප්‍රකාශයට පත් කිරීම සඳහා කර්තෘ මාර්ක් ට්වේන් කළ යෝජනාවක් පිළිගත්තේය.

දරුණු දුෂ්කරතාවලට මුහුණ දුන් තවත් පුද්ගලයෙක් ගැන බයිබලය අපට පවසයි. තම පුත් යෝසේප්ව “චණ්ඩ මෘගයෙක්” විසින් “ඉරා දමනු ලැබූ බවට” යාකොබ් විශ්වාස කළේය (උත්පත්ති 37:33). ඉන්පසුව ඔහුගේ පුත් සිමියොන් විදේශ රටක වහල්භාවයට පත් වූ අතර, තම පුත් බෙන්යමින්වද ඔහුගෙන් පැහැරගනු ඇතැයි යාකොබ් බිය වුයේය. බියෙන් යටපත් වූ ඔහු, “මේ සියල්ල මට විරුද්ධයි!” කියා මොර ගැසුවේය (42:36).

නමුත් එය එසේ නොවීය. තම පුත් යෝසෙප් ජීවතුන් අතර සිටින බවත් ඔහුගේ පවුල යළි පිහිටුවීම සඳහා දෙවියන්වහන්සේ “තිරය පිටුපස” ක්‍රියා කරන බවත් යාකොබ් සුලු වශයෙන්වත් දැන සිටියේ නැත. අපගේ තත්ත්වයන් තුළ උන්වහන්සේගේ හස්තය අපට නොපෙනෙන විට පවා උන්වහන්සේ විශ්වාස කළ හැකි ආකාරය මෙම සිදුවීම් තුළින් නිදර්ශනය කරයි.

ග්‍රාන්ට්ගේ මතක සටහන් ඉතා සාර්ථක වූ අතර ඔහුගේ පවුල හොඳින් රැකබලා ගන්නා ලදී. ඔහු එය දැකීමට ජීවත් නොවූවත් ඔහුගේ බිරිඳට එය දැක ගැනීමට හැකි විය. අපගේ දැක්ම සීමා සහිතයි, නමුත් දෙවියන්වහන්සේ එසේ නොවන සේක. එසේම අපගේ බලාපොරොත්තුව ලෙස යේසුස්වහන්සේ සිටින නිසා “දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධ වෙන්නේ කවුද?” (රෝම 8:31). අද අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු.