මම කුඩා කාලයේ සෑම ගිම්හානයකම, මගේ ආච්චි සහ සීයා සමඟ සතියක් විනෝද වීමට මම සැතපුම් දෙසීයක් ගමන් කළෙමි. මා ආදරය කළ ඒ දෙදෙනාගෙන් මා කෙතරම් ප්‍රඥාවක් මා තුළ රඳවා ගත්තද යන්න පසුව මම දැන ගත්තෙමි. ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ දෙවියන්වහන්සේ සමඟ ගමන මගේ තරුණ මනසට තවමත් සිතාගත නොහැකි තරම් විය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ඔවුන් සමඟ කළ සංවාද වලින්, දෙවියන්වහන්සේ විශ්වාසවන්ත බවත් උන්වහන්සේ දෙන සෑම පොරොන්දුවක්ම ඉටුකරන බවත් මට සහතික කළේය.

යේසුස්වහන්සේගේ මව වන මරියා වෙතට දේවදූතයා පැමිණෙන විට ඇය නව යොවුන් වියේ සිටියාය. ගාබි්‍රයෙල් දේවදූතයා විසින් ගෙන එන ලද ඇදහිය නොහැකි ප්‍රවෘත්තිය අති මහත් වූවත් ඇය කැමැත්තෙන් එම කාර්යය භාර ගත්තාය (ලූක් 1:38). නමුත් ආශ්චර්යමත් ගැබ් ගැනීමක් මැද සිටි ඇයගේ වයෝවෘද්ධ ඥාතියෙකු වන එලිසබෙත් වෙත ඇයගේ පැමිණී පසුව – පොරොන්දු වූ ගැළවුම්කරුගේ මව බව ගාබි්‍රයෙල් දේවදූතයාගේ වචන එලිසබෙත් උද්‍යෝගයෙන් සනාථ කරන විට එය මරියාට සැනසීම ගෙන ආවාය (39-45 පද). (ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ එලිසබෙත්ට වයස අවුරුදු හැටක් පමණක් විය හැකි බවයි).

අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ වර්ධනය වී පරිණත වන විට, මගේ ආච්චි සහ සීයා කළාක් මෙන්, උන්වහන්සේ තම පොරොන්දු ඉටු කරන බව ඉගෙන ගන්නෙමු. එලිසබෙත් සහ ඇගේ සැමියා වන සෙකරියස්ට දරුවෙකු පිළිබඳව වූ උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ ඉටු කළ සේක (57-58 පද). එම පුත්‍රයා, එනම් යොහන් බව්තීස්ත, මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරන, මෙසියස් – ලෝකයේ ගැළවුම්කරුවාණන් – පැමිණෙන බවට වසර සිය ගණනකට පෙර දුන් පොරොන්දුවක පෙර නිමිත්ත බවට පත් විය (මතෙව් 1:21-23).