කීත් නමැති තැනැත්තා සේවය කළ පොත් සාප්පුවේ හිමිකරු නිවාඩුවට පිටව ගොස් තිබුණේ දින දෙකකට පමණි, නමුත් ඔහුගේ සහයකයා වූ කීත් ඒ වන විටත් කලබල වී සිටියේය. මෙහෙයුම් සුමටව සිදු වූ නමුත්, කීත් තමා ගබඩාව අධීක්ෂණය කිරීමේ හොඳ කාර්්‍යයක් නොකරනු ඇතැයි කනස්සල්ලට පත් විය. වියරුවෙන්, ඔහු හැකි සෑම දෙයක්ම කළමනාකරණය කළේය

“එය නවත්වන්න,” ඔහුගේ ප්‍රධානියා අවසානයේදී ඔහුට වීඩියෝ ඇමතුමකින් කීවේය. “ඔබ කළ යුත්තේ මම ඔබට දිනපතා විද්‍යුත් තැපෑලෙන් එවන උපදෙස් පිළිපැදීම පමණයි. කරදර වෙන්න එපා කීත්. බර ඔබ මත නොවේ; එය මා මත ය”.

වෙනත් ජාතීන් සමඟ ගැටුම් ඇති වූ කාලයකදී, ඊශ්‍රායෙලයට දෙවියන්වහන්සේගෙන් ඒ හා සමාන වචනයක් ලැබුණි: එනම්, “නිශ්චල වව්” කියාය (ගීතාවලිය 46:10). “උත්සාහය නවත්වන්න,” උන්වහන්සේ කෙටියෙන් කී සේක. “මම කියන දේ අනුගමනය කරන්න. මම ඔබ වෙනුවෙන් සටන් කරන්නෙමි.” උන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට කියා සිටියේ උදාසීන ලෙස නොව ක්‍රියාශීලීව නිශ්චලව සිටින ලෙසටයි. ඒ තත්ත්වය පාලනය කරමින් දෙවියන්වහන්සේට විශ්වාසවන්තව කීකරු වීමට සහ ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵල උන්වහන්සේට භාර දීමටයි.

අපවත් කැඳවා ඇත්තේ එසේ කිරීමටය. තවද අපට එය කළ හැක්කේ අප විශ්වාස කරන දෙවියන්වහන්සේ ලෝකය කෙරෙහි පරමාධිපති වන බැවිනි. “උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළ සේක, පොළොව දිය වූවාය”. “උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන සේක” (6, 9 පද) එසේ කිරීමට උන්වහන්සේට හැකි නම්, නියත වශයෙන්ම අපට උන්වහන්සේගේ සරණ සහ ශක්තියේ ආරක්ෂාව කෙරෙහි විශ්වාසය තැබිය හැකිය (1 පදය). අපගේ ජීවිතය පාලනය කිරීමේ බර අප මත නොවේ – එය දෙවියන්වහන්සේ මත ය.