2014 දී ජීව විද්‍යාඥයින් විසින් පිලිපීනයේදී තැඹිලි පැහැති පිග්මි මුහුදු අශ්වයන් යුගලක් අල්ලා ගන්නා ලදී. ඔවුන් ගෙදර යනුවෙන් හැඳින්වූ තැඹිලි කොරල් මුහුදු පංකාවේ කොටසක් සමග ඔවුන් මෙම සාගර ජීවීන්ව ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි කැලිෆෝනියා විද්‍යා ඇකඩමියට ගෙන ගියහ. විද්‍යාඥයන්ට අවශ්‍ය වූයේ පිග්මි මුහුදු අශ්වයන් උපත ලැබුවේ ඔවුන්ගේ දෙමව්පියන්ගේ වර්ණයටද නැත්නම් ඔවුන්ගේ පරිසරයට ගැලපෙන වර්ණයටද යන්න සොයා බැලීමටය. පිග්මි මුහුදු අශ්වයන් අඳුරු දුඹුරු පැහැති පැටවුන් බිහි කළ විට, විද්‍යාඥයන් දම් පැහැති කොරල් මුහුදු පංකාවක් ටැංකියට දැමූහ. දෙමව්පියන් තැඹිලි පාට වුවත් පැටවුන් දම් පාට මුහුදු පංකාව මෙන් උන්ගේ වර්ණය වෙනස් කළහ. ස්වභාවයෙන්ම ඔවුන්ගේ අස්ථාවරත්වය නිසා, ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ඔවුන්ගේ පරිසරයට මිශ්‍ර වීමට දෙවියන්වහන්සේ විසින් ලබා දී ඇති හැකියාව මත ය.

මිශ්‍ර වීම යනු මැවිල්ලේ ප්‍රයෝජනවත් ආරක්ෂක යාන්ත්‍රණයකි. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේ සියලු මිනිසුන්ට ගැලවීම ලබා ගැනීමටත් අප ජීවත් වන ආකාරය තුළින් ලෝකයේ යහපත් ජීවිතයක් ගත කිරීමටත් ආරාධනා කරන සේක. යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ගෙන් අපෝස්තුළු පාවුල් ඉල්ලා සිටින්නේ අපගේ ජීවිතයේ සෑම අංශයකින්ම දෙවියන්වහන්සේට ගෞරව කරන ලෙසත්, අපගේ ශරීරයන් “ජීවමාන පූජාවක්” ලෙස ඔප්පු කරමින් උන්වහන්සේට නමස්කාර කරන ලෙසත්ය (රෝම 12:1). පාපයෙන් පීඩාවට පත් වූ මනුෂ්‍යයන් වශයෙන් අපගේ බිඳෙනසුලු භාවය නිසා, ඇදහිලිවන්තයන් වශයෙන් අපගේ අධ්‍යාත්මික සෞඛ්‍යය රඳා පවතින්නේ දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කරන සහ පාපය මහිමයට පත් කරන “මේ ලෝකයේ රටාවට” අනුගත නොවී සිටීමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ මනස “අලුත් කිරීම” සහ අපට බලය ලබා දීම මත ය (2 පදය) .

මේ ලෝකයට මිශ්‍ර වෙනවායි යනුවෙන් අදහස් වන්නේ ශුද්ධ ලියවිල්ලට විරුද්ධව ජීවත් වීමයි. කෙසේ වෙතත්, ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින්, අපට යේසුස්වහන්සේ මෙන් වන්නත් ප්‍රේමය පෙන්වීමටත් හැකි වන්නේය!