රතු වස්ත්‍ර ව්‍යාපෘතිය බි්‍රතාන්‍ය කලාකරු ක්‍රිස්ටි මැක්ලව්ඞ් විසින් සංකල්පනය කරන ලද අතර එය ලොව පුරා කෞතුකාගාර සහ කලාගාරවල ප්‍රදර්ශනයක් බවට පත්ව ඇත. වසර දහතුනක් පුරා, බර්ගන්ඩි සේද කැබලි අසූහතරක් කාන්තාවන් තුන්සියයකට වැඩි පිරිසක් (සහ පිරිමින් අතළොස්සක්) විසින් එම්බ්‍රොයිඩර් කිරීම සඳහා ලොව පුරා ගොස් තිබේ. එම කොටස් පසුව කබායකට එකතු ලද අතර, එහි සමාජයේ කොන්වූ සහ දිළිඳුකමට පත්ව සිටි එක් එක් දායක කලාකරුවන්ගේ කථා කියැවුනි.

රතු වස්ත්‍රය මෙන්, ආරොන් සහ ඔහුගෙන් පැවතෙන්නන් විසින් පැළඳ සිටි ඇඳුම් බොහෝ “දක්ෂ නිර්මාණ කරුවන්” විසින් සාදන ලදී (නික්මයාම 28:3). පූජක ඇඳුම දෙවියන්වහන්සේගේ උපදෙස්වලට අනුව සෑදුනු අතර එහි ඊශ්‍රායලයේ සාමූහික කතාව පවසන විස්තර ඇතුළත් විය. “ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහි කරවීමක් පිණිස” පූජකයන්ගේ උරහිස් මත පිහිටන ලෙස ඔනික්ස් ගල් මත ගෝත්‍රවල නම් කැටයම් කරන ලදී (12 පදය). කබාය, එම්බ්‍රොයිඩර් කළ සළු සහ තොප්පි, පූජකයන් දෙවියන්වහන්සේට සේවය කරන විට සහ නමස්කාරයේ දී ජනතාව මෙහෙයවන විට ඔවුන්ට “මහිමය සහ අලංකාරය” ලබා දුණි (40 පදය).

යේසුස්වහන්සේ තුළ නව ගිවිසුමේ ඇදහිලිවන්තයන් ලෙස, අප සියලු දෙනා ඇදහිලිවන්තයන්ගේ පූජක තන්ත්‍රයක් වෙමින් දෙවියන් වහන්සේට සේවය කරමින් නමස්කාරයෙන් එකිනෙකාට මඟ පෙන්වමු (1 පේත්‍රැස් 2:4-5, 9); යේසුස්වහන්සේ අපේ උත්තම පූජකයාණෝය (හෙබ්‍රෙව් 4:14). අපි පූජකයන් ලෙස හඳුනාගැනීම සඳහා විශේෂ ඇඳුමක් නොඇඳ සිටියත්, උන්වහන්සේගේ උපකාරයෙන් අපි “දයාබර හිතක් ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද” පැළඳ ගනිමුව (කොලොස්සි 3:12).