තරුණ ඩේල් අර්න්හාඞ්ට් තම පියා නැති වූ බව තේරුම් ගත් අවස්ථාවේ ඇතිවූ භයානක මොහොත විස්තර කරයි. තරුණ ඬේල් ද සහභාගී වූ තරඟයක් වූ ඩේටෝනා 500 අවසානයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මෝටර් රථ ධාවන ශුරී මෙන්ම ජනප්‍රිය ඩේල් අර්න්හාර්ඞ් (ජ්‍යෙෂ්ඨ) මිය ගොස් තිබුණි. “මට ප්‍රතිනිර්මාණය කළ නොහැකි මේ ඝෝෂාව මගෙන් පිට වෙනවා,” තරුණ අර්න්හාඞ්ට් පැවසීය. “මෙය කම්පනයේ, ශෝකයේ, සහ බියේ සීනුවකි.” ඉන්පසු හුදකලා සත්‍යය වූයේ : “මට මෙය තනිවම කිරීමට සිදුවන බවය.”

”තාත්තා සිටීම වංචා පත්‍රයක් තිබීම හා සමානයි” තරුණ අර්න්හාඞ්ට් පැහැදිලි කළේය. “තාත්තා සිටීම සියලු පිළිතුරු දැන සිටීම හා සමානයි.”

යේසුස්වහන්සේගේ ගෝලයන් සියලු පිළිතුරු සඳහා උන්වහන්සේ දෙස බැලීමට ඉගෙනගෙන තිබුණෝය. දැන්, උන්වහන්සේගේ කුරුසි පත්වීමට පෙර දිනයේදී, උන්වහන්සේ ඔවුන්ව තනි නොකරන බවට සහතික විය. “මම පියාණන්වහන්සේගෙන් ඉල්ලමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙන සේක” (යොහන් 14.16).

යේසුස්වහන්සේ ඒ සැනසීම උන්වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට දුන් සේක. “යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේය. මගේ පියාණන්වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක, අපි ඔහු ලඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව” (23 පදය).

ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගන්නා අය තුළ “සියල්ල” උගන්වන සහ යේසුස්වහන්සේ ඉගැන්වූ සියල්ල ඔවුන්ට මතක් කර දෙන ආත්මයාණන් වහන්සේ සිටින සේක (26 පදය). අපට සියලු පිළිතුරු නැත, නමුත් සියල්ල දන්නා තැනැන්වහන්සේගේ ආත්මයාණෝ අප තුළ සිටින සේක.