මම ළමා කාලයේදී, පාසල් මිදුලේ දඩබ්බර සිසුන් විසින්, මා මෙන් අනිකුත් ළමයින්ට අධික ලෙස හිරිහැර කළේ අවම විරෝධතාවයකින්ය. අපගේ වධකයන් ඉදිරියේ අපි බියෙන් තැතිගත් විට, ඊටත් වඩා දරුණු දෙයක් වූයේ ඔවුන්ගේ උපහාසයන්ය. “ඔබ බයද? ඔයා මට බයයි නේද? ඔයාව ආරක්ෂා කරන්න මෙතන කවුරුත් නෑ” යනුවෙන් කීයා සිටීමය.

ඒ බොහෝ අවස්ථාවලදී මම සත්‍යයෙන්ම බියට පත් වූයේ හොඳ හේතුවක් ඇතුවයි. අතීතයේ පහර කෑමට ලක් වූ මම, නැවත වතාවක් එය අත්විඳීමට කැමති වුයේ නැත. එම නිසා, මා බියෙන් තැතිගත් විට මට කුමක් කළ හැකිද සහ මට විශ්වාස කළ හැක්කේ කවුරුන්ද? කියා මට සිතුණි. ඔබට වයස අවුරුදු අටක් වන විට, වැඩිහිටි, විශාල සහ ශක්තිමත් දරුවෙකු විසින් ඔබව හිරිහැරයට ලක් කරන විට, බියට පත් වීම සාමාන්‍ය දෙයකි.

ගීතිකාකරු ප්‍රහාරයකට මුහුණ දුන් විට, ඔහු බියට වඩා විශ්වාසයෙන් ප්‍රතිචාර දැක්වීමට හේතුව, ඔහු එම තර්ජනවලට තනිවම මුහුණ නොදෙන බව දැනගෙන සිටි බැවිනි. ඔහු මෙසේ ලිවීය, “ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යා මට කුමක් කළ හැක්කේද?” (ගීතාවලිය 118:6). දරුවෙකු වූ මට, ඔහුගේ විශ්වාසයේ තලය තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි මට විශ්වාස කළ නොහැක. කෙසේ වෙතත්, වැඩිහිටියෙකු ලෙස, ක්‍රිස්තුස්වහන්සේ සමඟ වසර ගණනාවක් ගමන් කළ මා, අධ්‍යයනය කර තිබෙන්නේ, උන්වහන්සේ ඕනෑම බිය උපදවන තර්ජනයකට වඩා ශ්‍රේෂ්ඨ බවයි.

ජීවිතයේ අප මුහුණ දෙන තර්ජන සැබෑ ය. එසේ වුවද අප බිය විය යුතු නැත. විශ්වයේ මැවුම්කරු අප සමඟ සිටින අතර, උන්වහන්සේ පමණක් සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.