අපේ පසුපස ගෙවත්තේ පලතුරු සහ එලවළු වවන්න මම ආසාවෙන් සිටියෙමි. එවිට කුණු වල කුඩා සිදුරු දැකීමට මම පටන් ගතිමි. එය ඉදවීමට කාලය ලංවන්නත් පෙර, අපගේ පළමු පලතුර අභිරහස් ලෙස අතුරුදහන් විය. දවසක් අපේ විශාලම ස්ට්‍රෝබෙරි පැළය කූඩුවක පැටවුන් දමා සිටි හාවෙකු විසින් සම්පූර්ණයෙන්ම උදුරා දමා තිබූ අතර, මෙම පැළය හිරු එළියෙන් පිළිස්සී ගොස් තිබෙණු දුටු අවස්ථාවේ මම කම්පාවට පත් වීමි. අනතුරු ඇඟවීමේ සංඥා වෙත මා වඩාත් සමීප අවධානයක් යොමු කළ යුතුව තිබුණි!

සාලමොන්ගේ ගීතිකාවෙහි ඇති සුන්දර ප්‍රේම කාව්‍යයේ තරුණියක් සහ තරුණයෙකු අතර සංවාදයක් වාර්තා කරයි. තම සොඳුරියට කතා කරන අතරතුර, පෙම්වතුන්ගේ වත්ත එනම් ඔවුන්ගේ සම්බන්ධතාවය ඉරා දමන සතුන්ට එරෙහිව මෙම තරුණයා දැඩි ලෙස අනතුරු ඇඟවීය, “මිදිවැල් නරක් කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලා දියල්ලා” යනුවෙන් ඔහු පැවසීය (සාලමොන්ගේ ගීතිකාව 2:15). සමහර විට ඔහු ඊර්ෂ්‍යාව, කෝපය, වංචාව හෝ උදාසීනත්වය වැනි ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය විනාශ කළ හැකි “හිවලුන්” පිළිබඳ ඉඟි දුටුවා විය හැකිය. ඔහු තම මනාලියගේ අලංකාරය ගැන සතුටු වූ නිසා (14 පදය), අහිතකර වෙන කිසිවක් තිබීම ඔහුට ඉවසා ගත නොහැකි විය. “කටුගස් අතරේ මහනෙල් මලක් යම්සේද” ආකාරයෙන් ඔහුට ඇයව අනර්ඝ වූවාය (2 පදය). ඔවුන්ගේ සම්බන්ධය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ කිරීමට ඔහු කැමැත්තෙන් සිටියේය.

සමහර අවස්ථාවලදී එම සබඳතා සැමවිටම පවත්වා ගැනීම පහසු නොවූවත් දෙවියන්වහන්සේ අපට ලබා දී ඇති වටිනාම ත්‍යාග අපගේ පවුලේ අය සහ මිතුරන් ය. ඉවසීමෙන්, සැලකිල්ලෙන් සහ “කුඩා හිවලුන්”ගෙන් ආරක්ෂා වීමෙන්, දෙවියන්වහන්සේ හොඳ ඵල ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.