ඇමෙරිකාවේ විස්කොන්සින්හි අපගේ අවසන් දිනයේ මගේ මිතුරිය සමුගැනීමට ඇගේ සිව් හැවිරිදි දියණිය කින්ස්ලි රැගෙන ආවාය. “ඔයා යනවාට මට කැමති නෑ” කියා කිංස්ලි කිව්වාය. මම ඇයව බදාගෙන මා ලඟ තිබු අතින් පින්තාරු කරන ලද කැන්වස් අත්-පංකා වලින් එකක් ඇයට දුන්නෙමි. “ඔබට මාව මතක් වූ විට, මෙම අත්-පංකාව භාවිතා කර, මම ඔබට ආදරය කරන බව මතක තබා ගන්න” යයි කීවෙමි. මගේ බෑගයෙන් කඩදාසි වලින් සාදාගත් වෙනත් පංකාවක් ලබා දිය හැකිදැයි කින්ස්ලි ඇසුවාය. “එම කඩදාසි පංකාව කැඩිලා” කියා මම පිළිතුරු දුනිමි. “මට අවශ්‍ය ඔබට මගේ හොඳම පංකාව ලබා දෙන්නයි” කියා කීවෙමි. කින්ස්ලිට මගේ ප්‍රියතම පංකාව දීම ගැන මම පසුතැවුණේ නැත. ඇය සතුටින් සිටිනු දැකීමෙන් මගේ සතුට තවත් වැඩි විය. පසුව, කින්ස්ලි ඇගේ මවට පවසා තිබුණේ මම කැඩුණු පංකාව තබා ගත් නිසා ඇය දුක් වූ බවයි. ඔවුන් මට අලුත්ම, විසිතුරු දම් පාට පංකාවක් එව්වෝය. නොමසුරුව මට දුන් පසු කින්ස්ලිට නැවතත් සතුටක් දැණුනි. එසේම මටත් දැනුණි.

ආත්ම තෘප්තිය සහ සුරක්ෂිතභාවය ප්‍රවර්ධනය කරන ලෝකයක, දීමේ හදවතකින් තොරව, රැස්කර ගැනීමේ අසාවකට අප තුළ පෙළඹිමක් ඇති විය හැකිය. කෙසේ වෙතත්, බයිබලය පවසන්නේ “විසුරුවන නුමුත් වස්තුව වැඩි කරගන්න කෙනෙක්ද” (හිතෝපදේශ 11:24) සිටියි කියාය. අපේ සංස්කෘතිය සමෘද්ධිය නිර්වචනය කරන්නේ වැඩි වැඩියෙන් තිබීම ලෙසිනි, නමුත් බයිබලය පවසන්නේ “ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය” එමෙන්ම, “පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය” කියාත්ය (25 පදය).

දෙවියන්වහන්සේගේ අසීමිත සහ කොන්දේසි විරහිත ප්‍රේමය සහ ත්‍යාගශීලීත්වය අපව නොකඩවා ප්‍රබෝධමත් කරයි. අපට දෙන කෙනෙකුගේ හදවතක් තබා ගැනීමට පුළුවන් වන අතර නිමක් නැති දීමනා චක්‍ර නිර්මාණය කළ හැක්කේ, සියලු යහපත් දේ ලබා දෙන දෙවියන්වහන්සේ, බහුල ලෙස සැපයීමෙන් කිසිදා වෙහෙසට පත් නොවන බව අපි දන්නා නිසාවෙනි.