ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් විශේෂිත කුරුල්ලෙකුගේ චලනයන් අනුකරණය කරන පියාපත් සලන ස්විෆ්ට් (වේගවත්) යන නමින් හඳුන්වන ඩ්‍රෝන යානයක් නිර්මාණය කර ඇත. ස්විෆ්ට් යානාවන්ට පැයට සැතපුම් අනූවක් දක්වා පියාසර කළ හැකි අතර, සැරිසැරීමට, ඇද වැටීමට, ඉක්මනින් හැරීමට සහ හදිසියේ නතර කිරීමටද හැකිය. කෙසේ වෙතත්, මෙම පියාපත් සලන ඩ්‍රෝන යානාව තවමත් කුරුල්ලන්ට වඩා තත්ත්වයෙන් බාලය. එක් පර්යේෂකයෙක් පැවසුවේ කුරුල්ලන්ට “ඇදහිය නොහැකි තරම් වේගයෙන් පියාසර කිරීමට, පියාපත් නැමීමට, ඇඹරීමට, පිහාටු විවර කිරීමට සහ ශක්තිය ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි මාංශ පේශි කට්ටල කිහිපයක් ඇති” බවයි. ඔහුගේ කණ්ඩායමේ ප්‍රයත්නයන්ට තවමත් ප්‍රතිචලන කිරීමට හැකි වූයේ “ජීව විද්‍යාත්මක පියාසැරියෙන් සියයට 10ක්” පමණක් බව ඔහු පිළිගත්තේය.

දෙවියන්වහන්සේ අපේ ලෝකයේ ජීවීන්ට සෑම ආකාරයකම පුදුමාකාර හැකියාවන් ලබා දී ඇත . ඔවුන් නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ දැනුම පිළිබිඹු කිරීම අපට ප්‍රඥාවේ උල්පතක් වන්නේය. කුහුඹුවන් විසින් අපට සම්පත් එකතු කිරීම ගැන උගන්වයි. රොක් බැජර් (හාවුන් වර්ගයක්) විසින් අපට විශ්වාස කළ හැකි නවාතැන් වල වටිනාකම පෙන්වයි, සමූහයේ සංඛ්‍යාව ශක්තිය පෙන්නුම් කරන බව පළඟැටියන් අපට උගන්වයි (හිතෝපදේශ 30:25-27).

බයිබලයේ මෙසේ සඳහන් වේ : “තමන්ගේ (දෙවියන්වහන්සේගේ ) බලයෙන් පොළොව සෑදු සේක” (යෙරෙමියා 10:12), සහ මැවීමේ ක්‍රියාවලියේ එක් එක් පියවර අවසානයේ, දෙවියන්වහන්සේ කළ දේ “යහපත් බව” (උත්පත්ති 1:4, 10, 12, 18, 21, 25, 31) උන්වහන්සේ ස්ථිර කළ සේක. එසේම, “පක්ෂිහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසර කෙරෙත්වායි කී” දෙවියන්වහන්සේම කුරුල්ලන්ව නිර්මාණය කළ සේක (20 පදය). එම දෙවියන්වහන්සේම, උන්වහන්සේගේ ප්‍රඥාව අපගේම තර්කනය සමඟ ඒකාබද්ධ කිරීමට අපට හැකියාව ලබා දී ඇත. අද දින, මැවිල්ල තුළ උන්වහන්සේගේ දර්ශනීය නිර්මාණයන් වලින් ඔබට ඉගෙන ගත හැකි ආකාරය සලකා බලන්න.