ක්‍රිස්තියානි විද්‍යාලයකට ගොස් බයිබලය අධ්‍යයනය කිරීම බ්‍රෙට්ට ස්වභාවික පියවරක් විය. ඇත්ත වශයෙන්ම, ඒ ඔහු තම මුළු ජීවිතයම එනම් නිවසේදී, පාසලේදී හා දේවස්ථානයේදීද යේසුස්වහන්සේව හඳුනන අය වටා සිටි නිසාය. ඔහු තම විද්‍යාල අධ්‍යාපනය පවා “ක්‍රිස්තියානි රාජකාරිය” සඳහා යොමු කරමින් සිටියේය.

නමුත් වයස අවුරුදු විසි එකේදී, ඔහු පැරණි ගම්මානයක තිබූ දේවස්ථානයක කුඩා පිරිසක් සමඟ වාඩි වී සිටි අතර 1 යොහන් පොතෙන් දේශනා කළ දේවගැතිවරයාගේ දේශනාවට සවන් දුන් පසු, පුදුම සහගත සොයා ගැනීමක් කළේය. ඔහු දැනුම සහ ආගමේ අලංකාරත්වය මත යැපෙන බවත් යේසුස්වහන්සේ තුළ සැබවින්ම ගැළවීම ඔහු කිසි විටෙක නොලැබූ බවත් ඔහුට වැටහුණි. එදින ක්‍රිස්තුස් වහන්සේගේ සන්සුන් පණිවිඩය : එනම්, “ඔබ මාව දන්නේ නැත!” යන පණිවුඩය සමග තමන්ගේ හදවතට තට්ටුකරනවා ඔහුට හැඟුණේය.

යොහන් අපොස්තුළුවරයාගේ පණිවිඩය පැහැදිලිය: එනම්, “යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ බව විශ්වාස කරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති” (1 යොහන් 5:1). යොහාන් පවසන පරිදි අප “ලෝකයෙන් ජය ගෙන තිබෙන්නේ” (4 පදය) යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පමණි. උන්වහන්සේ ගැන දැනුමෙන් නොව, නමුත් ගැඹුරු, අවංක ඇදහිල්ල – එනම්, උන්වහන්සේ කුරුසියේදී අප වෙනුවෙන් කළ දේ ගැන අපගේ විශ්වාසය පෙන්නුම් කිරීමෙන්ය. එදින බ්‍රෙට් ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් ඔහුගේ ඇදහිල්ල තැබුවේය.

අද, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගැළවීම ගැන බ්‍රෙට්ගේ ගැඹුරු ආශාව රහසක් නොවේ. ඔහු ධර්මාසනය පසුපස සිට දේවගැතිවරයෙකු – එනම්, මගේ දේවගැතිවරයා ලෙස දේශනා කරන සෑම අවස්ථාවකම එය ශබ්ද නගා පැහැදිලි ලෙස කියන්නේය. “ඒ සාක්‍ෂිය නම් දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය, ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුළ තිබේ. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත” (11-12 පද) යනුවෙනි. යේසුස්වහන්සේ තුළ ජීවිතය සොයාගත් සියල්ලන්ට මෙය මොනතරම් සැනසිලිදායක සිහිගැන්වීමක්ද!