යේසුස්වහන්සේ ඔහු කෙරෙහි දක්වන ප්‍රේමය ගැන එරික් දැනුවත් වූයේ ඔහුගේ විසිවන වියේ මුල් භාගයේදීය. ඔහු දේවස්ථානයට යාමට පටන් ගත් අතර එහිදී ඔහුට ක්‍රිස්තුස්වහන්සේව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට උපකාර කළ කෙනෙකුව හමු විය. එරික්ගේ උපදේශකවරයා දේවස්ථානයේ කුඩා පිරිමි ළමයින් පිරිසකට ඉගැන්වීමට ඔහුට පැවරීමට වැඩි කලක් ගත නොවීය. ඒ කාලය පුරා, දෙවියන්වහන්සේ එරික්ගේ සිත යොමු කළේ ඔහුගේ නගරයේ ජීවත්වූ අවදානමට ලක්ව සිටින යෞවනයන්ට උපකාර කිරීමටත්, වැඩිහිටියන් බැලීමටත් සහ තම අසල්වාසීන්ට ආගන්තුක සත්කාරය දැක්වීමටත්ය. මෙම කාර්යන් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහාය. දැන් ඔහුගේ පනස් වියේ අගභාගයේ පසුවන එරික්, තමාට සේවය කිරීමට ඔහුගේ තරුණ වියේ සිට පුහුණු කිරීම ගැන කෘතඥ වෙමින්: “යේසුස්වහන්සේ තුළ මා සොයාගත් බලාපොරොත්තුව බෙදා ගැනීමට මගේ හදවත උතුරා යයි. උන්වහන්සේට සේවය කිරීමට වඩා හොඳ කාර්යක් තිබේද?” කියා පැවසුවේය.
ඔහුගේ ඇදහිල්ල කෙරෙහි ඔහුගේ මව සහ ආච්චි ඔහුට බලපෑම් කරන විට තිමෝති කුඩා දරුවෙක් විය (2 තිමෝති 1:5). අපෝස්තුළු පාවුල්ව මුණගැසුණු විට තිමෝති තරුණයෙකුව සිටි අතර, තිමෝති තුළ දේව සේවයට ඇති ගුණාංග දුටු පාවුල් ඔහුට දේවසේවයේ ගමනකට ආරාධනා කළේය (ක්‍රියා 16:1-3). දේවසේවයේ සහ ජීවිතයේ තිමෝතිගේ උපදේශකයා බවට පාවුල් පත් විය. පාවුල් විසින් තිමෝතිව අධ්‍යයනය කිරීමට දිරිමත් කළ අතර, බොරු ඉගැන්වීම්වලට මුහුණ දෙන විට ධෛර්යවත් වීමටත් සහ දෙවියන්වහන්සේට සේවය කිරීම සඳහා ඔහුගේ දක්ෂතා භාවිතා කිරීමටත් තිමෝතිව දිරිමත් කළේය (1 තිමෝති 4:6-16).

තිමෝති, දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සේවය කරන බව දැකීම පාවුල්ට අවශ්‍ය වුණේ ඇයි? ඔහු මෙසේ ලිවීය “ මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ……….. ගැළවුම්කාරයාණන් වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි අපි බලාපොරොත්තු වී සිටිමුව” (10 පදය). යේසුස්වහන්සේ අපගේ බලාපොරොත්තුව සහ ලෝකයේ ගැලවුම්කරුවාණෝ වන සේක. උන්වහන්සේට සේවය කිරීමට වඩා හොඳ කාර්යක් තිබේද?