“ස්ලොෆැෂන්” නමින් හඳුන් වන “සෙමින් ගමන් කරන විලාසිතා” ගැන ඔබ අසා තිබේද? එහි ලේබලයෙන්ම අපට වැටහෙන්නේ “වේගවත් විලාසිතා” වලට එරෙහි වීම කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාරයක් ගැනය. “වේගවත් විලාසිතා” යනු මිළයෙන් අඩු, ගුණාත්මක නොවන ආකාරයෙන් සාදන ලද සහ ඉතා ඉක්මනින් විකිණෙන ඇඳුම් ආධිපත්‍යය දරන කර්මාන්තයකි. වේගවත් විලාසිතාවේ දී, ඇඳුම් පැළඳුම් වෙළඳසැල්වලට දැමු පමණින්ම එය ඉතා ඉක්මනින් විලාසිතාවෙන් බැහැරව යයි. මේ හේතුවෙන්, සමහර වෙළඳ නාම දරණ ඇඳුම්, සෑම වසරකම ඔවුන්ගේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉවත් කරති.
සෙමින් ගමන් කරන විලාසිතා ව්‍යාපාරය මගින් මිනිසුන් සෙමින් ගමන් කිරීමට සහ වෙනස් ප්‍රවේශයක් ගැනීමට දිරිගන්වයි. සෑම විටම නවතම පෙනුම තිබීමේ අවශ්‍යතාවයෙන් පෙළඹීම වෙනුවට, සෙමින් ගමන් කරන විලාසිතා අපව දිරිගන්වන්නේ හොඳින් සාදා ඇති සහ සදාචාරාත්මක මූලාශ්‍රවලින් කල් පවතින අයිතමයන් අඩුවෙන් තෝරා ගැනීමටයි.

“ස්ලොෆැෂන්” ආයතනයේ ආරාධනය ගැන මා සොයා බලන විට, මම “වේගවත් විලාසිතා” චින්තන ක්‍රමයකට වැටෙන වෙනත් ක්‍රම ගැන කල්පනා කරද්දී, එසේ වන්නේ සෑම විටම නවතම ප්‍රවණතාවයේ ඉටුවීම සොයමින් සිටින හෙයිනි. කෙසේ වෙතත්, කොලොස්සි 3 හි, පාවුල් පවසන්නේ යේසුස්වහන්සේ තුළ සැබෑ පරිවර්තනයක් සොයා ගැනීම ඉක්මන් විසඳුමක් හෝ දැඩි සහ පුළුල් ලෙස බෙදාගත් උද්f්‍යා්ගයක් (කෙටිකාලීන) නොවන බවයි. එය ක්‍රිස්තුස් වහන්සේ තුළ නිහඬ, ක්‍රමානුකූලව පරිවර්තනය වීමේ ජීවිත කාලයකි.

ලෝකයේ නවතම සමාජ තත්ත්ව සංකේතවලින් සැරසී සිටීම වෙනුවට, අපට ආත්මයාණන්ගේ ඵල වන “දයාබර හිතක් ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳ” ගැනීමට (12 පදය) අපගේ උත්සාහය හුවමාරු කර ගත හැකිය. අපගේ හදවත් පරිවර්තනය කරන ක්‍රිස්තුස් වහන්සේගේ සෙමින් සහ ක්‍රමානුකූල ගමනේදී අපට එකිනෙකා සමඟ ඉවසීම ඉගෙන ගත හැකිය – එය කල්පවතින සාමයට මඟ පෙන්වන ගමනකි (15 පදය).