අන් අයට නොපෙනෙන හෝ තේරුම්ගත නොහැකි කැළැල් බොහෝ අය දරා ගෙන සිටිති. එම ගැඹුරු අවංක වචන පැමිණියේ මානසික සෞඛ්‍ය කැළඹීම් හේතුවෙන් 2020 බේස්බෝල් ක්‍රීඩා වාරයේ අවසානයේදී ක්‍රීඩා තරඟයෙන් ඉවත් වූ ප්‍රධාන බේස්බෝල් ක්‍රීඩක ඇන්ඩ්‍රලේටන් සිමන්ස්ගෙනි. ඔහුගේ තීරණය ගැන මෙනෙහි කරමින්, සමාන අභියෝගවලට මුහුණ දෙන අයව දිරිමත් කිරීමට සහ අනුකම්පාව පෙන්වීමට අන් අයට මතක් කිරීම සඳහා ඔහුගේ කතාව බෙදා ගැනීමට අවශ්‍ය බව සිමන්ස්ට හැඟුණි.
නොපෙනෙන කැළැල් යනු නොපෙනෙන නමුත් තවමත් සැබෑ වේදනාව සහ දුක් වේදනා ඇති කරන ගැඹුරු රිදවීම් සහ තුවාල වේ. ගීතාවලිය 6 හි, දාවිත් තමාගේම වේදනාකාරී සත්‍ය සහ අවංක වචනවලින් ගැඹුරු අරගලයක් ගැන ලිවීය. ඔහු “මැලවී සිටීම” (2 පදය) සහ “කැළඹී සිටීම” (3 පදය) ගැන ලිවීය. ඔහු සුසුම්ලීමෙන් “වෙහෙසව” සිටි අතර, ඔහුගේ ඇඳ කඳුලින් තෙත් වී තිබුණි (6 පදය). දාවිත්, තමාගේ දුක් වේදනාවලට හේතුව බෙදා නොගත්තද, අපගෙන් බොහෝ දෙනෙකුට ඔහුගේ වේදනාව සමඟ සම්බන්ධ විය හැකිය.

දාවිත් තමාගේ වේදනාවට ප්‍රතිචාරය දැක්වූ ආකාරයෙනුත් අපට දිරිගැන්වීමක් ලැබිය හැකියි. ඔහුගේ අතිමහත් දුක් වේදනා මැද, දාවිත් දෙවියන්වහන්සේට මොරගැසුවේය. අවංකව තම හදවත වගුරුවමින්, ඔහුගේ සුවය (2 පදය), ගළවා ගැනීම (4 පදය) සහ දයාව (9 පදය) සඳහා යාච්ඤා කළේය. “කොපමණ කල්ද?” යන ප්‍රශ්නය සමඟ පවා (3 පදය) තමාගේ තත්ත්වය ගැන කල්මරමින් සිටි දාවිත්, “මාගේ යාච්ඤාව පිළිගන්නා සේක” යනුවෙන් දෙවියන්වහන්සේ සවන් දුන් බවත් (9 පදය) සහ උන්වහන්සේගේ කාලයේ ක්‍රියා කරන බවත් (10 පදය) දැඩි ලෙස විශ්වාස කළේය.

අපගේ දෙවියන්වහන්සේ කවුරුන්ද කියා දන්නා නිසා, සෑම විටම බලාපොරොත්තුවක් ඇත.