ශීත ඍතුවේ එක් උදෑසනක ජනෙල් තිර විවෘත කළ මා කම්පන සහගත දසුනකට මුහුණ දුන්නෙමි. මීදුමෙන් පවුරක්. “ඉතා ශීත මීදුම” කියා කාලගුණ අනාවැකිකරු එය හැඳින්වීය. අපගේ ස්ථානයට දුර්ලභ වූවත්, මෙම මීදුම ඊටත් වඩා විශාල විස්මයක් සමඟ පැමිණියේය: එනම්, “පැයක කාලයකින්”, නිල් අහසක් සහ හිරු එළිය ලැබෙන්නට යන බව පසුකාලීනව අනාවැකියක් පල කළේය. “විය නොහැකි,”යැයි මම මගේ සැමියාට කීවෙමි. “අපට ඉදිරියට අඩියක්වත් නොපෙනෙන තරම්ය.” නමුත් පැයකටත් අඩු කාලයකදී මීදුම මැකී ගොස් සූර්ය රශ්මිය සමඟ නිල් පැහැති අහසක් දිස්වුණි.

ජනේලයක් අසළ සිටගෙන, ජීවිතයේ මීදුම පමණක් දැකිය හැකි විට මම මගේ විශ්වාසයේ මට්ටම ගැන කල්පනා කළෙමි. මම මගේ ස්වාමිපුරුෂයාගෙන් මෙසේ ප්‍රශ්න කළෙමි, “මට දැනටමත් පෙනෙන දේ ගැන පමණක් මම දෙවියන්වහන්සේව විශ්වාස කරනවාද?”

උස්සියා රජු මිය ගොස් යූදාහි දූෂිත පාලකයන් කිහිපදෙනෙකු බලයට පත් වූ විට, යෙසායාද ඒ හා සමාන ප්‍රශ්නයක් ඇසුවේය. අපට විශ්වාස කළ හැක්කේ කාවද? දෙවියන්වහන්සේ ප්‍රතිචාරය දැක්වූයේ යෙසායාට කොතරම් විශිෂ්ට දර්ශනයක් ලබා දීමෙන්ද යත්, ඉදිරියේදී වඩා හොඳ දවස් සඳහා වර්තමානය කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව අනාගතවක්තෘවරයාට ඒත්තු ගන්වමිනි. යෙසායා ප්‍රශංසා කළ පරිදි, “ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරන සේක” (යෙසායා 26:3). අනාගතවක්තෘවරයා තවදුරටත්, “ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාස කරන්න. මක්නිසාද යෙහොවා: නම් වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය” (4 පදය) කියා කීවේය.

අපගේ මනස දෙවියන්වහන්සේ කෙරෙහි යොමු වූ විට, මීදුම සහ ව්‍යාකූල කාලවලදී පවා අපට උන්වහන්සේව විශ්වාස කළ හැකිය. අපට දැන් එය පැහැදිලිව නොපෙනෙනවා විය හැකිය, නමුත් අපි දෙවියන්වහන්සේ විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේගේ උපකාරය පැමිණෙන බව අපට සහතික විය හැකිය.