උදෑසන ආරම්භ වූයේ ධාවන පථයේ තරඟයක් මෙනි. මම ඇඳෙන් ඉතා වේගයෙන් නැගිට, දවසේ නියමිත කාලසීමාවන් තුළට දියත් වුනෙමි. ළමයින්ව පාසලට ගෙන යාම; කළ බවට සනාථ කිරීම; කාර්යාලයට යෑම. කළ බවට සනාථ කිරීම. මගේ “කළ යුතු” ලැයිස්තුව ලිවීමට පූර්ණ උත්සාහයක් දැරුවෙමි, එහි පුද්ගලික සහ වෘත්තීය කාර්යන් හිම කුණාටුවක් බඳුවූ වෙහෙසකර කියා ගෙන යෑමක් මෙන් එකට වැටී තිබුණි:
“. . .13. ලිපිය සංස්කරණය කිරීම. 14. කාර්යාලය පිරිසිදු කිරීම. 15. හොඳින් සිතා බලා කණ්ඩායම් සැලසුම් කිරීම. 16. තාක්ෂණික බ්ලොග් ලිවීම. 17. බිම් මහල පිරිසිදු කිරීම. 18. යාච්ඤා කිරීම.”

මම අංක දහ අටට පැමිණෙන විට මට දෙවියන්වහන්සේගේ පිහිට අවශ්‍ය බව මට මතක් විය. මගේම ගම්‍යතාවය නිපදවීමට උත්සාහ කරමින්, මා මෙපමණ දුරක් තනිවම පැමිණ තිබුණු බව මට අමතක වී තිබුණි.

යේසුස්වහන්සේ දැන සිටි සේක. අපේ දවස් හදිසිකමින් පිරුණු, නොනවතින මුහුදු රැළි මෙන් එකිනෙක ගැටෙන බව උන්වහන්සේ දැන සිටි සේක. එබැවින් උන්වහන්සේ අපට මෙසේ උපදෙස් දෙන සේක:“නුමුත් පළමුකොට උන්වහන්සේගේ (දෙවියන් වහන්සේගේ) රාජ්‍යය ද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය” (මතෙව් 6:33).

යේසුස්වහන්සේගේ වචන ආඥාවක් ලෙස ඇසීම ස්වාභාවිකය. එම වචන එසේමය. නමුත් මෙහි තවත් දෙයක් ඇත – එනම්, ආරාධනාවක්. දිනෙන් දින විශ්වාසනීය ජීවිතයක් සඳහා ලෝකයේ වියරු කනස්සල්ල (25-32 පද) හුවමාරු කර ගැනීමට යේසුස්වහන්සේ මතෙව් 6හි අපට ආරාධනා කරන සේක. අපි අපගේ ලැයිස්තුවේ දහඅට වන ස්ථානයට පැමිණියත්, ජීවිතය උන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් දැකීම මතක් කර ගැනීමට පෙර පවා, දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ අනුග්‍රහයෙන්, අපගේ සෑම දිනකම අපට උපකාර කරන සේක.