මෑත ඉරු දිනක සවස් කාලයකදී විශාල නගරයේ රෝහලකින් පිටතට යාමට අපි වෙහෙසුන අවස්ථාවකදී “ආලෝකය වෙත යන්න!” කියා මගේ සැමියා උපදෙස් දුන්නේය. රෝහල්ගත වී සිටි මිතුරෙකු බැලීමට ගිය අතර, අපි විදුලි සෝපානයකින් පිට වූ විට, සති අන්තයේ අපට පිටවීමේ දොරවල් වෙත යෑමට පෙන්වීම සහ දීප්තිමත් කොලරාඩෝ හිරු එළිය වෙත යොමු කිරීමට කිසිවෙකු එහි නොසිටියහ. නිසි එළියක් නොතිබූ කොරිඩෝවේ සැරිසැරූ අපට අවසානයේ අපේ ව්‍යාකූලත්වය දුටු මනුෂ්‍යයෙක් හමු විය. “මේ පටු ආලින්ද සියල්ලම එක හා සමානයි,” ඔහු පැවසීය. “නමුත් පිටවීම ඇත්තේ මේ මාර්ගයේය.” ඔහුගේ මඟ පෙන්වීම් අනුව ඇත්ත වශයෙන්ම, දීප්තිමත් හිරු එළිය වෙතට, අපි පිටවීමේ දොරවල් සොයා ගත්තෙමු.

යේසුස්වහන්සේ විසින් ව්‍යාකූලවූ සහ නැතිවූ නොඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ ආත්මික අන්ධකාරයෙන් පිටතට පැමිණ තමන්ව අනුගමනය කරන ලෙස ආරාධනා කළ සේක. “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කී සේක”(යොහන් 8:12). උන්වහන්සේගේ ආලෝකය තුළ, බාධා කිරීම්, පාපය සහ අන්ධකාර ස්ථාන අපට දැක ගත හැකි අතර, අපගේ ජීවිතයෙන් එවන් අන්ධකාරයන් ඉවත් කිරීමට ඉඩ සලස්වමින් උන්වහන්සේ අපගේ හදවත් තුළට සහ අපගේ මාවතේද උන්වහන්සේගේ ආලෝකය බබළවන සේක. ඊශ්‍රායෙල්වරුන් පාළුකරය හරහා ගෙන ගිය ගිනි ටැඹ මෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය අපට දෙවියන්වහන්සේගේ අභිමුඛය, ආරක්ෂාව සහ මඟ පෙන්වීම ගෙන එන්නේය.

යොහන් පැහැදිලි කළ පරිදි, යේසුස්වහන්සේ “සත්‍ය වූ ආලෝකයය” (යොහන් 1:9) වන අතර “අන්ධකාරයද එය ග්‍රහණය නොකළේය” (5 පදය). ජීවිතය හරහා ඉබාගාතේ යනවා වෙනුවට, උන්වහන්සේ මාර්ගය ආලෝකමත් කරන විට අපට මඟ පෙන්වීම සඳහා උන්වහන්සේගේ උපකාරය ලබා ගත හැකිය.