මගේ මව ඩොරති හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි කාලයක් මට මතක නැත. බිඳෙනසුලු දියවැඩියා රෝගියෙකු ලෙස වසර ගණනාවක් ඇගේ රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස් විය. සංකූලතා (වෙනස්වීම්) වර්ධනය වූ අතර ඇගේ හානි වූ වකුගඩුවලට ස්ථිර ඩයලිසිස් (රුධිරය කාන්දු කිරීමක්) අවශ්‍ය විය. ස්නායු රෝග සහ අස්ථි බිඳීම රෝද පුටුවක් භාවිතා කිරීමට හේතු විය. ඇගේ ඇස් පෙනීම අන්ධභාවයට පත්වීමට පටන් ගත්තේය.

නමුත් ඇගේ ශරීරයෙන් ඇය දුර්වල වූ විට, මවගේ යාච්ඤා ජීවිතය තවත් වර්ධනය විය. අන් අය දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැන ගන්නා පිණිස සහ අත්දකිනා පිණිස ඇය පැය ගණනක් යාච්ඤා කළාය. ශුද්ධ ලියවිල්ලේ වටිනා වදන් ඇයට මිහිරි විය. ඇගේ ඇස් සම්පූර්ණයෙන්ම නොපෙනී යාමට පෙර ඇය තම සහෝදරිය වන මාජරිට ලියු ලිපියේ 2 කොරින්ති 4:16 හි වගන්තිය ඇතුළත් කළාය: එනම්, “එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂය වෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය” (16 පදය).

පාවුල් අපෝස්තුලුවරයා “ක්ලාන්ත වීම” (අධෛර්යයට පත් වීම) කොතරම් පහසුද කියා දැන සිටියේය. 2 කොරින්ති 11 හි, ඔහු තම ජීවිතය මෙසේ විස්තර කරන්නේ අනතුර, වේදනාව සහ දුෂ්කරතා වලින් පිරිණු ජීවිතයක් ලෙසිනි (23-29 පද). එහෙත් ඔහු එම “කරදර” සැලකුවේ තාවකාලික දෙයක් ලෙසය. අප දකින දේ ගැන පමණක් නොව අපට නොපෙනෙන දේ ගැන එනම් සදාකාලික දේ ගැන සිතන ලෙස ඔහු අපව දිරිමත් කළේය (4:17-18).

අපට කුමක් සිදු වුවද, අපගේ ප්‍රේමණීය පියාණන් වහන්සේ සෑම දිනකම අපගේ අභ්‍යන්තරය අලුත් කිරීම නොකඩවා කරන සේක. උන්වහන්සේගේ අභිමුඛය අප සමඟ බව නිසැකය. යාච්ඤාවේ දීමනාව තුළින්, උන්වහන්සේ සිටින්නේ හුස්මක දුරින් පමණි. එසේම, අපව ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තුව හා ප්‍රීතිය ලබා දීමටත් උන්වහන්සේගේ පොරොන්දු සැබෑවක්ව පවතින සේක.