මගේ ළමා වියේ අසල්වැසි අවන්හලේ ක්‍රියා පිළිවෙළ 1950 ගණන්වල අගභාගයේ සහ 1960 ගණන්වල මුල් භාගයේ සමාජ සහ වාර්ගික ගතිකත්වයන්ට අනුකූල විය. මුළුතැන්ගෙයි සහායකයින් එනම් කෝකියා වන මේරි සහ මා වැනි පිඟන් සෝදන්නන් කළු ජාතිකයන් වූහ; කෙසේ වෙතත්, ආපනශාලාවේ අනුග්‍රාහකයන් වූයේ සුදු ජාතිකයන් ය. කළු ජාතියට අයත් වූ පාරිභෝගිකයින්ට ආහාර ඇණවුම් කළ හැකි නමුත් ඔවුන්ට එය ලබා ගත හැකි වූයේ පිටුපස දොරෙනි. එවැනි ප්‍රතිපත්ති එම යුගයේ කළු ජාතිකයින්ට අසමාන ලෙස සැලකීම ශක්තිමත් කළේය. එතැන් සිට අපි බොහෝ දුරක් පැමිණ ඇතත්, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සාදන ලද මිනිසුන් ලෙස අප එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය වර්ධනය කර ගැනීමට අපට තවමත් ඉඩ තිබේ.

ශුද්ධ ලියවිල්ලේ රෝම 10:8-13 යන ඡේදයන්, දෙවියන්වහන්සේගේ පවුල තුළට සියල්ලන්ම සාදරයෙන් පිළිගන්නා බව දැකීමට අපට උපකාර කරයි; එහි පිටුපස දොරක් නැත. සියලුම දෙනා එකම ආකාරයෙන් ඇතුල් වන්නේ පවිත්‍ර කිරීම සහ සමාව ලබා ගැනීම සඳහා, යේසුස්වහන්සේගේ මරණය විශ්වාස කිරීම තුළින් පමණක්ය. මෙම පරිවර්තනීය අත්දැකීම සඳහා බයිබලීය වචනය “ගළවනු ලබන්නෙහිය” (9, 13 පද) යන්නයි. ඔබේ සමාජ තත්ත්වය හෝ වාර්ගික තත්ත්වය හෝ අන් අයගේ තත්ත්වය හෝ බලපාන්නේ නැත. “ස්වාමින්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි” ශුද්ධ ලියවිල්ලේ දැක්වෙන්නේය. මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමීව, උන්වහන්සේට යාච්ඤා කරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටින සේක” (11-12 පද). යේසුස්වහන්සේ ගැන බයිබලයේ සඳහන් වී ඇති පණිවිඩය ඔබ හදවතින්ම විශ්වාස කරන්නෙහි ද? ස්වාමීන්වහන්සේගේ පවුලට සාදරයෙන් පිළිගනිමු!