කොලරාඩෝ ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ගින්න වූ මාෂල් ගින්නෙන් පසුව, එක් ක්‍රිස්තියානි සභාවකින් කණ්ඩායමක් එකතු වී, එහි ජීවත්ව සිටි පවුල්වලට අයිති වූ වටිනා භාණ්ඩ අළු මැද සෙවීමට උපකාර කිරීමට ඉදිරිපත් විය. පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ වටිනා වස්තූන් තවමත් අළු අතරේ ඇතැයි බලාපොරොත්තු විය. සම්බ වුනේ සුළු භාණ්ඩ ප්‍රමාණයක් පමණි. එක් මිනිසෙක් ඔහුගේ මංගල මුදුව ගැන මෘදු ලෙස කතා කළේය. ඔහු එය උඩුමහලේ නිදන කාමරයේ මේසයක් මත තැබූ බවට දුකින් කීවේය. නිවස දැන් නැති වී ගොස් ඇත. නිවසේ තිබු භාණ්ඩ අඟුරු වී හෝ පහළම මාලයේ සුන්බුන් තට්ටුවකට දිය වී තිබුණි. සොයන්නන් නිදන කාමරය තිබූ කොනෙහිම මුද්ද සෙවූ නමුත් අසාර්ථක වූහ.

අනාගතවක්තෘ යෙසායා යෙරුසලම සමතලා කිරීමට නියමිත විනාශය ගැන ශෝකයෙන් ලිවීය. එලෙසම, අප ගොඩනඟා ගත් ජීවිතය අළු බවට පත් වූ බවක් අපට හැඟෙන අවස්ථා තිබේ. චිත්තවේගීය හා අධ්‍යාත්මික වශයෙන් අපට කිසිවක් ඉතිරි වී නැති බව අපට හැඟේ. නමුත් යෙසායා, බලාපොරොත්තුව ඉදිරිපත් කරයි: “බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ටද, . . . වැලපෙන සියල්ලන් සනසන්ටද ……. උන්වහන්සේ මා එවූ සේක” (යෙසායා 61:1-2). දෙවියන්වහන්සේ අපගේ ඛේදවාචකයන් මහිමයට පරිවර්තනය කරන සේක: “අළු වෙනුවට මාලාවකුත් ඔවුන්ට උන්වහන්සේ දෙන සේක” (3 පදය). “පරණ නටබුන් ඉඩම් ගොඩ නගන්නෝය, ඉස්සර කාලයේ නටබුන් වූ තැන් හරිගස්සන්නෝය” යනුවෙන් උන්වහන්සේ පොරොන්දු වන සේක (4 පදය).

එම මාෂල් ගින්න අඩවියේ, එක් කාන්තාවක් විරුද්ධ පැත්තෙන් අළු අතර සොයා බැලුවාය. එහිදී, තවමත් එහි පෙට්ටියේ තිබුණ, ඇයගේ සැමියාගේ මංගල මුදුව අළු අතරේ සොයා ගත්තාය. ඔබේ බලාපොරොත්තු සුන්වීම තුළ, දෙවියන්වහන්සේ ඔබේ අළුවලට අත දමා සැබවින්ම වටිනා දෙය වන ඔබව පිටතට ඇද ගන්නා සේක.