ජනප්‍රිය සංගීතමය හැමිල්ටන් හි, එංගලන්තයේ තුන් වන ජෝර්ජ් රජුව විකෘති දුෂ්ටයෙකු සහ අතීශයෙන් හාස්‍යජනක කාටූනයක් ලෙස, නිරූපණය කරන ලදී. කෙසේ වෙතත්, ජෝර්ජ් රජු පිළිබඳ නව චරිතාපදානයක කියා සිටියේ රජතුමා හැමිල්ටන් හෝ ඇමරිකාවේ නිදහස් ප්‍රකාශනයේ විස්තර කර ඇති කුරිරු පාලකයා නොවන බවයි. ජෝර්ජ් රජු, ඇමරිකානුවන් පැවසූ ම්ලේච්ඡ ඒකාධිපතියා වූයේ නම්, ඔහු අන්ත, දරුණු පියවරයන් සමඟ, නිදහස සඳහා වූ ඔවුන්ගේ අරගලය නතර කරනු ඇත. නමුත් රජතුමාගේ “ශිෂ්ට, යහපත් ස්වභාවය” හේතුව එසේ කිරීමෙන් ඔහුව වළක්වන ලදී. ජෝර්ජ් රජු පසුතැවිල්ලෙන් මිය ගියාදැයි කවුරුත් නොදනී. ඔහු තම යටත්වැසියන් සමඟ දැඩි ලෙස කටයුතු කළේ නම් ඔහුගේ පාලනය වඩාත් සාර්ථක වනු ඇත්ද?

විය හැකි නමුත් නිසැකවම නොවේ. යෙහෝරාම් රජු තමන්ගේ සිංහාසනය ශක්තිමත් කර ගැනීම සඳහා කළේ “තමාගේ සියලු සහෝදරයන්ද ඉශ්‍රායෙල්හි සමහර අධිපතීන්ද කඩුවෙන් මැරීය” (2 ලේකම් 21:4) කියා බයිබලයේ සටහන් වී තිබේ. යෙහෝරාම් “ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කළේය” (6 පදය). ඔහුගේ අනුකම්පා විරහිත පාලනය ඔහුව ජනතාවගෙන් ඈත් කළ අතර, ඔවුන් ඔහුගේ බිහිසුණු මරණය ගැන හඬා වැලපුණේ නැත, “ඔහු ගැන ගිනි මැලයක්” නොදැල්වූහ (19 පදය).

ඉතිහාසඥයින් ජෝර්ජ් ඕනෑවට වඩා මෘදු වූවාද කියා විවාද කළ හැකි අතර යෙහෝරාම් නිසැකවම ඉතා දරුණු විය. වඩා හොඳ ක්‍රමයක් නම් “කරුණාවෙන් ද සත්‍යයෙන්ද පූර්ණව” (යොහන් 1:14) තිබූ යේසුස් රජුගේ මාර්ගයයි. ක්‍රිස්තුස්වහන්සේගේ අපේක්ෂාවන් ස්ථිර වූ සේක (උන්වහන්සේ සත්‍යය ඉල්ලා සිටිය සේක), නමුත් උන්වහන්සේ අසමත් වූවන් වැළඳ ගත් සේක (උන්වහන්සේ කරුණාව දිගු කරන සේක). යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අපට උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටින සේක. එවිට, ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම හරහා, එසේ කිරීමට උන්වහන්සේ අපට බලය ලබා දෙන සේක.