රොනිට් පැමිණියේ ආගමික නමුත් ක්‍රිස්තියානි නොවන පවුලකින්. අධ්‍යාත්මික කාරණා පිළිබඳ ඔවුන්ගේ සාකච්ඡා වියළි හා ශාස්ත්‍රීය විය. “මම හැම යාච්ඤාවක්ම දිගටම යාච්ඤා කළෙමි, නමුත් මට දෙවියන්වහන්සේගෙන් පිළිතුරක් ලැබුණේ නැත” කියා ඇය කීවාය.

ඇය බයිබලය අධ්‍යනය කිරීමට පටන් ගත්තාය. සෙමින්, ස්ථාවරව, ඇය ගැළවුම්කරු ලෙස යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට යොමු විය. රොනිට් මෙම අවස්ථාව ගැන තමාගේම වචන වලින් මෙසේ පවසයි: “මට මගේ හදවතේ පැහැදිලි කටහඬක් ඇසුණි, ‘ඔබ ඇති තරම් අසා තිබේ. ඔබ ඕනෑ තරම් දැක තිබේ. දැන් එය විශ්වාස කිරීමට කාලයයි”. නමුත් රොනිට් ගැටලුවකට මුහුණ දුන්නාය: ඒ ඇගේ පියාය. “මගේ තාත්තා ප්‍රතිචාර දැක්වූයේ විසුවියස් කන්ද පුපුරා ගියාක් මෙනි,” ඇය සිහිපත් කළාය.

යේසුස්වහන්සේ මේ පොළොවේ ගමන් කළ කාලයේදී, සමූහයා උන්වහන්සේ පසුපස ගියහ (ලූක් 14:25). ඔවුන් සෙව්වේ කුමක්ද කියා අපි හරියටම නොදන්නෙමු. නුමුත් උන්වහන්සේ සෙව්වේ ගෝලයන්ය. එසේම එය පැමිණෙන්නේ මිළයක් සමගය. “මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය” යනුවෙන් යේසුස්වහන්සේ පැවසූ සේක (26 පදය). උන්වහන්සේ කුළුණක් ඉදිකිරීම ගැන කතාවක් කී සේක. “….පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” කියා උන්වහන්සේ ඇසු සේක (28 පදය). යේසුස්වහන්සේගේ අදහස වූයේ අප අපගේ පවුලට වෛර කිරීම නොවේ; ඒ වෙනුවට, අප අන් සියල්ලටම වඩා උන්වහන්සේව තෝරා ගත යුතු බවයි. තවද “එසේම නුඹලා අතරෙහි තමා සන්තක සියල්ලම අත් නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය” යනුවෙන් උන්වහන්සේ පැවසු සේක (33 පදය).

රොනිට් තම පවුලට ගැඹුරින් ආදරය කළාය, නමුත් ඇය නිගමනය කළේ, “මිළය කුමක් වුවත්, එය වටිනා බව මම සිතුවෙමි” කියාය. යේසුස්වහන්සේ ඔබට මඟ පෙන්වන ආකාරයට, උන්වහන්සේව අනුගමනය කිරීමට, ඔබ අත්හැරිය යුතු දේ කුමක් ද?