මම මෑතකදී ග්‍රීසියේ ඇතන්ස් නුවර වෙත ගියෙමි. “පුරාණ අගෝරා” නොහොත් දාර්ශනිකයන් ඉගැන්වූ සහ අතීනසියානුවන් නමස්කාර කළ ස්ථානය වන වෙළඳපොළ වටා ඇවිද ගිය මට ඇපොලෝ සහ සියුස් දෙවිවරුන්ගේ පූජාසන හමු විය, මේ සියල්ලම තිබුණේ ඇතීනා දේවතාවියගේ ප්‍රතිමාවක් වරක් තිබු ඇක්රොපොලිස් සෙවණෙහිය.

අපි අද කාලයේදී ඇපොලෝට හෝ සියුස්ට නමස්කාරය නොකරන, නමුත් සමාජය ආගමික වතාවත් වලින් අඩුවී නැත. “සැවොම නමස්කාර කරති,” කියා නවකතාකරු ඬේවිඞ් ෆොස්ටර් වොලස් පැවසුවේ මෙම අනතුරු ඇඟවීම එකතු කරමිනි : “ඔබ මුදල් හා දේවල්වලට නමස්කාර කරන්නේ නම් . . . එය ඔබට කිසිදා ප්‍රමාණවත් නොවනු ඇත…. ඔබේ ශරීරයට සහ අලංකාරත්වයට නමස්කාර කරන්නේ නම් . . . සැමදා ඔබ කැතය කියා දැනෙනු ඇත…. ඔබේ බුද්ධියට නමස්කාර කරන්න . . . ඔබට අවසානයේ ආඥාන බවක් දැනෙනු ඇත.” අපගේ ලෞකික යුගයට තමන්ගේම දෙවිවරුන් ඇත, නමුත් ඔවුන් අපට හිතකර නොවේ.

අපෝස්තුලු පාවුල් අගෝරා බැලීමට ගිය අතර, “…. පාවුල් ඇරියෝපගය මැද සිට කියනුයේ: අතීනසයේ මනුෂ්‍යයෙනි, දෙවිවරුන් ඇදහීමට නුඹලා ලැදිව සිටින බව සියලු කාරණාවලදී මට පෙනේ” යයි කීවේය (ක්‍රියා 17:22). ඉන්පසුව පාවුල් සෑම දෙයකම මැවුම්කරු වූ එකම සත්‍ය දෙවියන්වහන්සේ ගැනද (24-126 පද) ඔවුන් උන්වහන්සේව දැන ගන්නා පිණිසද (27 පදය) සහ යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටුවීමෙන් උන්වහන්සේව එළිදරව් කළ බවද (31 පදය) විස්තර කළේය. ඇපොලෝ සහ සියුස් මෙන් නොව, මෙම දෙවියන්වහන්සේ මිනිස් දෑතින් සෑදී නැත. මුදල්, පෙනුම හෝ බුද්ධිය මෙන් නොව, උන්වහන්සේට නමස්කාර කිරීම අපව විනාශ නොකරයි.

අපගේ “දෙවියන්” යනු අපට අරමුණ සහ ආරක්ෂාව ලබා දීම සඳහා අප රඳා පවතින දෙයකි. ස්තුතිවන්ත වෙන්න, සෑම භූමික දෙවියෙක්ම අපව අසාර්ථක් කළ විට, එකම සැබෑ දෙවියන්වහන්සේ අපව සොයා ගැනීමට සූදානම්ව සිටින හෙයින් ස්තුතිවන්ත වන්න (27 පදය).