දයානුකම්පිත සහ ස්වේච්ඡාවෙන් සේවයක් කළ අයෙකුට ඔහුගේ වීරෝදාර උත්සාහයන් සඳහා ඔහුව “රැකවල් දේවදූතයා” ලෙස හැඳින් විය. ජේක් මැන්නා රැකියා ස්ථානයක සූර්යතාප පැනල සවි කරමින් සිටියදී අතුරුදහන් වූ පස් හැවිරිදි දැරියක් සොයා ගැනීමේ හදිසි සෝදිසි මෙහෙයුමකට සම්බන්ධ විය. අසල්වාසීන් ඔවුන්ගේ ගරාජ සහ මිදුල සෝදිසි කරන අවස්ථාවේදී , මැන්නා අසල කැලෑ බද ප්‍රදේශයකට යන මාර්ගයක ගිය අතර එහිදී ඔහු එම දැරිය වගුරු බිමක ඉණක් තරම් ගැඹුරට එරී සිටිනවා දුටුවේය. ඔහු ඇලෙන සුළු මඩ තුළට පරෙස්සමින් ඇවිද ගියේ ඇයව ඇගේ දුෂ්කරතාවයෙන් මුදා ගැනීමටත් තෙත් නමුත් හානියක් නොවන ලෙස ඇයව කෘතවේදීව මව වෙත ආපසු ලබා දීමටත්ය.

ඒ කුඩා දැරිය මෙන් දාවිත්ද ගැළවීම අත් දැක්කේය. දයාව සඳහා තමන්ගේ හෘදයාංගම මොරගැසීමට දෙවියන්වහන්සේ ප්‍රතිචාර දක්වන තෙක් ගායකයා “ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි” කියා කීවේය (ගීතාවලිය 40:1). තවද ඔහු එසේ කළේය. උපකාරය පතා ඔහු කළ මොරගැසීමට දෙවියන්වහන්සේ සමීපව අවධානය යොමු කළ අතර, ඔහුගේ තත්ත්වයෙන් එනම් “භයානක වළකින් හා හැල්පතෙන්” (2 පදය) ඔහුව ගළවා ගැනීමෙන් ප්‍රතිචාර දැක්වීය – එනම්, දාවිත්ගේ ජීවිතයට ස්ථිර පදනමක් සපයමින්ය. ජීවිතයේ මඩ වගුරු බිම් වලින් අතීතයේ දී ගළවා ගැනීම් හේතුකොටගෙන, උන්වහන්සේට ප්‍රශංසා ගීත ගායනා කිරීමටත්, අනාගත තත්ත්වයන් තුළ දෙවියන්වහන්සේව ඔහුගේ විශ්වාසය බවට පත් කිරීමටත් සහ ඔහුගේ කතාව අන් අය සමඟ බෙදා ගැනීමටත් ඔහුගේ ආශාව ශක්තිමත් කළේය.(3-4 පදය).

මූල්‍ය දුෂ්කරතා, විවාහක කැලඹීම් සහ ප්‍රමාණවත් නොවේය වැනි හැඟීම් වලින් ජීවන අභියෝගවලට මුහුණ දෙන විට, අපි දෙවියන්වහන්සේට මොරගසා, උන්වහන්සේ ප්‍රතිචාර දක්වන තෙක් ඉවසීමෙන් බලා සිටිමු (1 පදය). අපගේ අවශ්‍යතාවලදී අපට උපකාර කිරීමට සහ අපට නැගී සිටීමට ස්ථිර ස්ථානයක් ලබා දීමට සූදානම්ව උන්වහන්සේ එහි සිටින සේක.