ජෝන් වසර ගණනාවක් පුරා දේවස්ථායේදී තරමක් කෝපයට පත් වී සිටි කෙනෙක් විය. ඔහු කිපෙන සුළු, බලයෙන් ඉල්ලීම් ලබා ගන්නා සහ බොහෝ විට රළු අයෙක් විය. ඔහුට හොඳින් “සේවය” නොකිරීම ගැනත්, ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ රාජකාරිය හොඳින් ඉටු නොකිරීම ගැනත් ඔහු නිරන්තරයෙන් පැමිණිලි කළේය. අවංකවම ඔහුට ප්‍රේම කිරීමට අපට අපහසු විය.

ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව දැනගත් විට, ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම මට අපහසු විය. ඔහුගේ රළු වචන සහ අප්‍රසන්න චරිතයේ මතකයන්ගෙන් මගේ සිත පිරී ගියේය. නමුත් ප්‍රේමය කිරීමට යේසුස්වහන්සේගේ කැඳවීම සිහිපත් කරමින්, සෑම දිනකම ජෝන් වෙනුවෙන් සරල යාච්ඤාවක් කීමට මම පෙළඹුණෙමි. දින කිහිපයකට පසු, මම ඔහුගේ අයහපත් ගුණාංග ගැන ටිකක් අඩුවෙන් සිතන්නට පටන් ගතිමි. ඔහු සත්‍යයෙන්ම වේදනාවෙන් ඇතැයි කියා, මම සිතුවෙමි. සමහර විට ඔහුට දැන් ඇත්තටම පාළු බවක් දැනෙනවා ඇති, කියා මම තව දුරටත් සිතුවෙමි.

යාච්ඤාව, අපව, අපගේ හැඟීම් සහ අන් අය සමඟ අපගේ සබඳතා දෙවියන්වහන්සේට විවෘත කරන බවත් උන්වහන්සේට ඇතුළු වීමට සහ උන්වහන්සේගේ දැක්ම ඒ සියල්ල තුළට ගෙන ඒමට ඉඩ සළසන බවත් මට හැඟුනි. අපගේ කැමැත්ත සහ හැඟීම් යාච්ඤාවෙන් උන්වහන්සේට යටත් කිරීමේ ක්‍රියාව තුළින් ශුද්ධාත්මයාණන්ට අපගේ හදවත් සෙමින් එහෙත් නිසැකවම වෙනස් කිරීමට ඉඩ සලසන සේක. අපගේ සතුරන්ට ප්‍රේම කිරීමට යේසුස්වහන්සේගේ කැඳවීම යාච්ඤාව සමඟ තදින් බැඳ තිබීම පුදුමයක් නොවන්නේය:
“නුඹලාට නින්දා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා” (ලූක් 6:28).

තවමත් ජෝන් ගැන හොඳින් සිතන්නට අපහසු බව මට පිළිගන්න සිදුවේ. නමුත් ආත්මයාණන් වහන්සේගේ උපකාරය ඇතුව, සමාව හා ප්‍රේමය කළ යුතු පුද්ගලයෙකු ලෙස, දෙවියන්වහන්සේගේ නෙත් සහ හදවත තුළින් දැකීමට මම ඉගෙන ගනිමින් සිටිමි.