මම අයිස් නොදැක්කෙමි. නමුත් මට එය දැනුණි. මම පැදවූ මගේ සීයාගේ පිකප් රථය ඇලේට ලිස්සා යන්නට විය, ඒ සමඟම මම අඩි පහළොවක් උස බැම්මකට ඉහළට වීසීවී ගියෙමි. මා මරණයට පත්වන්නේ නැත්නම් මෙම අත්දැකීම අනර්ඝයයි කියා මම සිතුවෙමි. මොහොතකට පසු ට්‍රක් රථය ප්‍රපාතාකාර බෑවුමක පතුලකට පෙරළී ගියේය. කිසිම තුවාලයක් නොමැතිව මම තැළුණු කැබ් රථයෙන් බඩගාගෙන පිටතට බැස්සෙමි.

1992 දෙසැම්බර් මාසයේ උදෑසන ට්‍රක් රථයට සම්පූර්ණයෙන්ම හානි වී තිබුණි. දෙවියන්වහන්සේ මා බේරා ගෙන තිබූ සේක. නමුත් මගේ සීයා ගැන කුමක් කිව හැකිද? ඔහු කුමක් කියයිද? ඇත්ත වශයෙන්ම, ඔහු ට්‍රක් රථය ගැන වචනයක්වත් කීවේ නැත. එක වචනයක්වත් කීවේ නැත. බැණ වැදීමක් හෝ ආපසු ගෙවීමේ සැලැස්මක්, ගැන හෝ කිසිවක් කීවේ නැත. ඔහු ලඟ තිබුණේ සමාව දීම පමණි. ඒ වගේම මම හොඳින් සිටීම ගැන සීයා ගේ සිනහාවේ ප්‍රතිචාරය පමණී.

මගේ සීයාගේ කරුණාව යෙරෙමියා 31 හි දෙවියන්වහන්සේගේ කරුණාව මට මතක් කර දෙයි. එහිදී, ඔවුන්ගේ දැවැන්ත අසාර්ථකත්වයන් තිබියදීත්, දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ සෙනඟ සමඟ ඇති සබඳතාවය යළි පිහිටුවීමට පොරොන්දු වුයේ මෙසේ පවසමිනි: “මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි…….” (34 පදය).

මම ඔහුගේ ට්‍රක් රථය විනාශ කළ බව මගේ සීයාට කිසිදා අමතක නොවන බව මට විශ්වාසය. නමුත් ඔහු මෙහිදී ක්‍රියා කළේ දෙවියන්වහන්සේ මෙන්, එය මතක තබා නොගනිමින්, මා ලජ්ජාවට පත් නොකරමින්, මා නිසි ලෙස ගෙවිය යුතු ණය ආපසු ගෙවීමට මා ගෙන් වැඩ නොගැනීමෙන්ය. දෙවියන්වහන්සේ පවසන පරිදි, මගේ සීයා එය මතක තබා නොගැනීමට තීරණය කළේ, මා කළ විනාශකාරී ක්‍රියාව කිසි විටෙකත් සිදු නොවූවාක් මෙන් සළකමිනි.