මාර්තු මාසයේ එක් සති අන්තයක, මා විසින් ඥානකාන්තියක් සඳහා මඟ පෙන්වුයෙමි. මගේ තේමාව වුයේ යේසුස්වහන්සේ ප්‍රේම කළ බෙතානියේ සහෝදරියන් වන මරියා සහ මාර්තාද ඔවුන්ගේ සහෝදර ලාසරුස්ද ගැනයි (යොහාන් 11:5). මෙම ඥානකාන්තිය පැවැත්වූයේ එංගලන්තයේ වෙරළ තීරයේ දුරස්ථ ස්ථානයකය. අප මත අනපේක්ෂිත ලෙස හිම වැටුණු විට, සහභාගි වූ බොහෝ දෙනෙක් සඳහන් කළේ අමතර දවස තුළ එකට සිටීමෙන්, මරියා කළාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේගේ පාමුල අසල වාඩි වී සිටීමට පුරුදු විය හැකි බවයි. උන්වහන්සේට ළංව උන්වහන්සේගෙන් ඉගෙන ගැනීම වැළඳ ගන්නා ලෙසට යේසුස් වහන්සේ ප්‍රේමයෙන් මාර්තාට පැවසූ “ඕනෑ කරන්නේ එක දෙයක්ය” (ලූක් 10:42) යන්න පසු පස යෑමට ඔවුන්ට අවශ්‍ය වුනි.

යේසුස්වහන්සේ මාර්තා, මරියා සහ ලාසරුස්ගේ නිවසට ගිය අවස්ථාවේ, උන්වහන්සේ ඔවුන්ගේ නිවසට පැමිණෙන බව මාර්තා කලින් නොදැන සිටින්නට ඇති. එබැවින් උන්වහන්සේට සහ උන්වහන්සේගේ මිතුරන්ට ආහාර පිළියෙළ කිරීමට සූදානම් වීමට උදව් නොකිරීම ගැන ඇය මරියා සමඟ අමනාප වූ ආකාරය අපට තේරුම් ගත හැකිය. නමුත් ඇත්තටම වැදගත් දෙය එනම් උන්වහන්සේගෙන් ඉගෙන ගන්නා විට උන්වහන්සේගෙන් ලබා ගැනීම වඩාත් වැදගත් බව ඇයට නොපෙනුණාය. තමන්වහන්සේට සේවය කිරීම ගැන ක්‍රිස්තුස්වහන්සේ ඇයට සැර කළේ නැත. එහෙත් වඩාත් වැදගත් දෙය ඇයට මග හැරෙන බවට උන්වහන්සේ ඇයට මතක් කර දුන්සේක.

බාධා කිරීම් අපව කෝපයට පත් කරන විට හෝ අපට ඉටු කිරීමට අවශ්‍ය බොහෝ දේ ගැන අපට අධික ලෙස හැඟෙන විට හෝ, මොහොතක් නතර වී ජීවිතයේ සැබවින්ම වැදගත් දේ කුමක්ද කියා අපට මතක් කර ගත හැකිය. යේසුස්වහන්සේගේ පාමුල අසල වාඩි වී සිටින ආකාරය නිරූපණය කරමින් අපි අපගේ වේගය අඩු කරන විට, උන්වහන්සේගේ ප්‍රේමයෙන් හා ජීවිතයෙන් අපව පුරවන ලෙස අපට උන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය. උන්වහන්සේගේ ප්‍රේමණීය ගෝලයෙකු වීම ගැන අපට සතුටු විය හැක.