දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවල ක්‍රියා කළ ආකාරය මිනිසුන් බෙදා ගත්තේ අපගේ සභාවේ දේව මෙහෙයේ වෙන්කර තිබු පුද්ගලික සාක්ෂි කාලයේදීය. ලැන්ග්ෆෝර්ඞ් නැන්දා හෝ සහෝදරිය හෝ ලෙස සභා පවුල තුළ අප කවුරුත් ඇයව හඳුන්වා ගත් අතර, සාක්ෂිවලට බොහෝ ප්‍රශංසා කිරීම් එකතු කරන කෙනෙකු ලෙස ඇය ප්‍රසිද්ධ විය. ඇය, ඇයගේ පුද්ගලික ගැළවීමේ සාක්ෂිය බෙදාගත් අවස්ථාවලදී, ඇය දේව මෙහෙයේ වැඩි කාලයක් ගනු ඇතැයි කෙනෙකුට අපේක්ෂා කළ හැකිය. ඇගේ ජීවිතය කරුණාවන්ත ලෙස වෙනස් කළ දෙවියන්වහන්සේට ඇගේ හදවත ප්‍රශංසාවෙන් පිරී ගියාය!

ඒ හා සමානව, ගීතාවලිය 66 හි දෙවියන්වහන්සේ තම සෙනඟ වෙනුවෙන් කළ දේ ගැන සාක්ෂි දරමින් ලේඛකයාගේ සාක්ෂිය ප්‍රශංසාවෙන් පිරී යන්නේය. “එව්, දෙවියන් වහන්සේගේ ක්‍රියා බලව්; මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය” (පදය 5). උන්වහන්සේගේ ක්‍රියාවලට ආශ්චර්්‍යයමත් ගැළවීම් (පදය 6), සංරක්ෂණය (9 පදය) සහ උන්වහන්සේගේ සෙනඟ වඩා හොඳ තැනකට ගෙන ඒමට හේතු වූ පරීක්ෂණ සහ හික්මීම ඇතුළත් විය (10-12 පද). අනෙකුත් කිතුණු ඇදහිලිවන්තයන් සමඟ අපට පොදු වූ දෙවියන්වහන්සේ තුළ වූ අත්දැකීම් ඇති අතර, අපගේ තනි ගමන් සඳහා අනන්‍ය වූ අත්දැකීම්ද ඇත. දෙවියන්වහන්සේ ඔබට විශේෂයෙන් උන්වහන්සේ ගැන දැනුවත් කළ අවස්ථා ඔබේ ජීවිතයේ තිබේද? උන්වහන්සේ ඔබේ ජීවිතය තුළ ක්‍රියා කළ ආකාරය ඇසීමට අවශ්‍ය අන් අය සමඟ එය බෙදා ගැනීම වටිනා ක්‍රියාවලියකි. “දෙවියන් වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශ කරන්නෙමි” (16 පදය).