වසර තුනක් පුරා සෑම පාසල් දිනකම, දිවා කාලයේදී කොලීන් තම දරුවන් පාසල් බස් රථයෙන් පිටවන විට ආචාර කිරීම සඳහා වෙනස් ඇඳුමකින් හෝ වෙස් මුහුණකින් සැරසී සිටියාය. එය බස් රථයේ රියදුරු ඇතුළුව බස් රථයේ සිටින සෑම කෙනෙකුගේම දවස දීප්තිමත් කළේය: “ඇය මගේ බස් රථයේ සිටින ළමයින්ට බොහෝ සතුටක් ගෙන දෙයි, එය පුදුම සහගතය. මම ඒකට කැමතියි.” කොලින්ගේ දරුවන්ද එකඟ වුනි.

ඒ සියල්ල ආරම්භ වූයේ කොලීන් දරුවන් ඇති දැඩි කිරීමට පටන් ගත් විටය. දෙමව්පියන්ගෙන් වෙන් වී නව පාසලකට යාම කොතරම් දුෂ්කර දැයි දැනගත් ඇය විවිධ ඇඳුමින් සැරසී දරුවන්ට ආචාර කිරීමට පටන් ගත්තාය. එසේ කිරීමෙන් දින තුනකට පසුව, ඈ මෙම ක්‍රියාවලිය නතර කරනවාට දරුවන් කිසිසේත් කැමති වූයේ නැත. එම නිසා කොලීන් දිගටම එසේ කළාය. එය සකසුරුවම්කම, සාප්පු සඳහා කාලය සහ මුදල් ආයෝජනයක් වූ නමුත්, වාර්තාකරු මෙරිදිත් තහාර් විස්තර කරන පරිදි, එය “මිළ කළ නොහැකි ප්‍රතිඵලයක්: එනම්, සතුටක්” ගෙන ආවේය.

බොහෝ දුරට සාලමොන් රජු තම පුතුන්ට දුන් ප්‍රඥාවන්ත හා හාස්‍ය රසය ගෙන දෙන උපදෙස් සහිත පොතක් මධ්‍යයේ එක් කුඩා පදයක් මෙම මවගේ රසවත් කියමන්වල ප්‍රතිඵල සාරාංශ කරයි: “තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි” (හිතෝපදේශ 17:22) . ඇගේ සියලුම දරුවන්ව (දෙමව්පියන් සිටින දරුවන්, දරුකමට හදාගත් සහ හදා වඩා ගත් දරුවන්) තැළුණු ආත්මයන්ගෙන් වැළැක්වීමට ඇය බලාපොරොත්තු විය.

සැබෑ සහ කල්පවත්නා ප්‍රීතියේ උල්පත ශුද්ධාත්මයාණන් තුළින් දෙවියන්වහන්සේය (ලූක් 10:21; ගලාති 5:22). අන් අයට ප්‍රීතිය ගෙන දීමට එනම්, පරීක්ෂාවලට මුහුණ දීමට බලාපොරොත්තුව සහ ශක්තිය ලබා දෙන ප්‍රීතියක් ගෙන දීමට අප උත්සාහ කරන විට, දෙවියන්වහන්සේගේ ආලෝකය බැබළවීමට ආත්මයාණන්වහන්සේ අපට හැකියාව ලබා දෙන සේක.