මම උදෑසන ඇවිදිමින් සිටින විටදී , සූර්්‍යයා මිචිගන් විලෙහි ජලයට පරිපූර්ණ කෝණයකින් වැදීම නිසා විස්මිත දසුනක් ඇති කළේය. ඡායාරූපයක් ගැනීමට මගේ කැමරාව ස්ථානගත කරන අතර මම මගේ මිතුරාට නතර වී මා එනතුරු සිටින්න කියා කීවෙමි. සූර්්‍යයාගේ පිහිටීම නිසා, මා පින්තූරය ගැනීමට පෙර මගේ දුරකථනයේ තිරයේ රූපය දැකීමට මට නොහැකි විය. නමුත් මෙවැනි දෙයක් කලින් කර තිබුණ නිසා එය විශිෂ්ඨ පින්තූරයක් වනු ඇතැයි මට හැඟුණි. “අපට දැන් එය බැලීමට අපහසුයි, නමුත් මෙවැනි පින්තූරු සැම විටම හොඳින් පැමිණෙයි” කියා මම මගේ මිතුරාට පැවසුවෙමි.

මෙම ජීවිතය තුළින් ඇදහිල්ලෙන් ගමන් කිරීම බොහෝ විට එම ඡායාරූපය ගැනීම හා සමානයි. ඔබට සෑම විටම තිරය මත විස්තර දැකිය නොහැකි නමුත් එහි විශ්මයජනක පින්තූරයක් නොමැති බව ඉන් අදහස් නොකරයි. දෙවියන්වහන්සේ ක්‍රියා කරන බව ඔබට සැමවිටම නොපෙනෙන නමුත් උන්වහන්සේ එහි සිටින බව ඔබට විශ්වාස කළ හැකිය. හෙබ්‍රෙව් ලේඛකයා ලියූ පරිදි, “ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය” (11.1). විශේෂයෙන්ම උන්වහන්සේ කරන්නේ කුමක්ද යන්න අපට දැකීමට හෝ තේරුම් ගැනීමට හෝ නොහැකි වූ අවස්ථාවලදීද ඇදහිල්ලෙන් අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය සහ සහතිකය තබමු.

තිරයේ රූපය නොදැකීම, ඇදහිල්ලෙන් “ඡායාරූපය ගැනීමෙන්” අපව වළක්වන්නේ නැත. එය අපව වැඩිපුර යාච්ඤා කිරීමට පොළඹවන අතර දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම් පැතීමටත් හේතු විය හැක. ඇදහිල්ලෙන් ගමන් කළ අන් අයගේ මෙන්ම අපගේම කථා මගින් (4-12 පද) අපට අතීතයේ සිදු වූ දේ ගැන දැන ගැනීම මත විශ්වාසය තැබිය හැකිය. දෙවියන්වහන්සේ විසින් කලින් කළ දේ උන්වහන්සේට නැවතත් කළ හැකිය.