ප්‍රාදේශීය ක්‍රිස්තියානි සේවයක් සඳහා නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස, මගේ කාර්්‍යයේ කොටසක් වූයේ කණ්ඩායම් සාකච්ඡා නායකයින් ලෙස අප හා එක්වන ලෙස වෙනත් අයට ආරාධනා කිරීමයි. මගේ ආරාධනා පත්‍ර මගින් කැප කිරීමට අවශ්‍ය කාලය ගැන විස්තර කර ඇති අතර රැස්වීම් වලදී සහ සාමාන්‍ය දුරකථන ඇමතුම් වලදී නායකයින්ට ඔවුන්ගේ කුඩා කණ්ඩායම්වල සහභාගිවන්නන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රම විස්තර කර ඇත. නායකයෙකු වීමට ඔවුන් කරන පරිත්‍යාගය ගැන දැනුවත්ව මම බොහෝ විට අනෙක් පුද්ගලයින්ට වගකීම් පැනවීමට මැලි වුනෙමි. නමුත් සමහර විට ඔවුන්ගේ පිළිතුර මා සම්පූර්ණයෙන්ම මාව පුදුමයට පත් කරන්නේ මෙසේ පිළිතුරු එවන විටය: “මම ගෞරවයට පත් වනු ඇත.” ප්‍රතික්ෂේප වීමට නීත්‍යානුකූල හේතූන් සඳහන් කරනවා වෙනුවට, ඔවුන්ගේ හේතුව ලෙස ඔවුන් විස්තර කළේ දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිත තුළ කළ සියල්ල සඳහා ඔවුන්ගේ කෘතඥතාව ආපසු දීමට උනන්දුවන බවයි.

දෙවියන්වහන්සේට දේවමාලිගාවක් සෑදීම සඳහා සම්පත් තෑගි කිරීමට කාලය පැමිණි අවස්ථාවේදී, දාවිත්ට තිබුණේද ඒ හා සමාන ප්‍රතිචාරයකි: “නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පු කිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද?” (1 ලේකම් 29:14). දාවිත්ගේ ත්‍යාගශීලීත්වය එතුමාගේ ජීවිතයට සහ ඊශ්‍රායෙල් සෙනඟගේ ජීවිතයට දෙවියන්වහන්සේගේ මැදිහත්වීම සඳහා කෘතඥතාවෙන් පෙලඹී තිබුණි. ඔහුගේ ප්‍රතිචාරය තමන්ගේ නිහතමානිකම සහ “ආගන්තුකයෝව ප්‍රවාසියෝව” සිටි අය කෙරෙහි උන්වහන්සේගේ යහපත්කම සහ පිළිගැනීම ගැන කථා කරයි (15 පදය).

කාලයෙන්, දක්ෂතාවයෙන් හෝ සම්පත්වලින් අප විසින් දෙවියන්වහන්සේගේ කාර්්‍යයන්ට දෙනු ලබන අපගේ දීමනාවන් පිළිබිඹු කරන්නේ එය පටන් ගැනීමට අපට දුන් තැනැන්වහන්සේට ඇති අපගේ කෘතඥතාවයයි. අපට ඇති සියල්ල පැමිණෙන්නේ උන්වහන්සේගේ දෑතින්ය (14 පදය); එම නිසා, ප්‍රතිචාර වශයෙන්, අපට උන්වහන්සේට කෘතඥපූර්ව බව පිරිනැමිය හැක.