2022 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූ විට අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට සොල්දාදුවන් දහස් ගණනක් සේවයේ යොදවා තිබුණි. විශාල ජනකායක් තුළ ඔවුන්ගේ තනි භූමිකාවන් නොපෙනී යන්නට ඇති නමුත් බොහෝ දෙනෙක් එය උතුම්ම ගෞරවය ලෙස සැළකූහ. එක් සොල්දාදුවෙක් පැවසුවේ “එය මහරැජින වෙනුවෙන් අපගේ අවසන් රාජකාරිය කිරීමට අවස්ථාවක්” බවයි. මෙම හමුදා භටයාට එය ඔහු කළ දේ නොව නමුත් ඔහු එම ක්‍රියාව කළේ කාටද යන්න වැදගත් කාර්්‍යය විය.

මණ්ඩපයේ ගෘහභාණ්ඩ රැකබලා ගැනීමට පැවරූ ලෙවීවරුන්ටත් තිබුණේ ඒ හා සමාන අරමුණකි. පූජකයන් මෙන් නොව, ගෙර්ෂෝන්වරුන්ට, කොහාත්වරුන්ට සහ මෙරාරිවරුන්ට ගෘහ භාණ්ඩ, පහන් රුක, තිර, කණු, කූඩාරම් ඇණ සහ ලණු පිරිසිදු කිරීම (ගණන් කථාව 3.25-26, 28, 31, 36-37) ඒකාකාරී ලෙස පෙනෙන කාර්්‍යයන් පැවරී තිබුණි: එහෙත් ඔවුන්ගේ රැකියා දෙවියන්වහන්සේ විසින් විශේෂයෙන් පවරනු ලැබූ සේක. ඒවා “මණ්ඩපයේ වැඩය” (8 පදය) ලෙස නියම කර තිබූ අතර, මතු පරපුර සඳහා බයිබලයේ වාර්තා කර ඇත.

මොනතරම් දිරිගන්වනසුලු අදහසක්ද! අද අපි බොහෝ දෙනෙක් රැකියාවේදී, නිවසේදී හෝ දේවස්ථානයේදී කරන දේ තනතුරුවලට සහ වැටුප්වලට වටිනාකමක් දෙන ලෝකයකට නොවැදගත් දෙයක් ලෙස පෙනෙන්න පුළුවනි. නමුත් දෙවියන්වහන්සේ එය දකින්නේ වෙනස් ආකාරයකටය. උන්වහන්සේ වෙනුවෙන් සහ උන්වහන්සේ උදෙසා කුඩාම කාර්්‍යයකදී පවා විශිෂ්ටත්වය සොයමින් සහ උන්වහන්සේගේ ගෞරවය සඳහා අපි ක්‍රියා කරන්නේ නම් සහ සේවය කරන්නේ නම් අපගේ කාර්්‍යයන් වැදගත් වෙයි. මක්නිසාද අපි සේවය කරන්නේ අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේට නිසාය.