ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ මහා මධ්‍යම දුම්රිය ස්ථානයේ ඝෝෂාකාරී ප්‍රදේශයෙහි ඉතා සියුම් කටහඬක් පවා හොඳට ඇසෙන ප්‍රදේශය ධ්වනි ක්ෂේම භූමියකි. මෙම සුවිශේෂී ස්ථානය මිනිසුන්ට අඩි තිහක දුර සිට සියුම් හඬින් පණිවුඩ සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි. එක් අයෙක් කළුගල් ආරුක්කුවක පාමුල සිටගෙන බිත්තියට මෘදු ලෙස කතා කරන විට, ශබ්ද තරංග ඊට එහායින් සිටින ශ්‍රාවකයා වෙත වක්‍ර වූ ගල මතින් ඉහළට ගමන් කරයි.

ඔහුගේ ජීවිතය ඝෝෂාවෙන් පිරුණු අවස්ථාවකදී සහ සෑම දෙයක්ම පාහේ අහිමි වීමේ ඛේදවාචකයෙන් පිරුණු අවස්ථාවකදී මෘදු පණිවිඩයක් යෝබ්ට ඇසුණි (යෝබ් 1:13-19; 2:7). ඔහුගේ මිතුරන් ඔවුන්ගේ අදහස් නිකරුණේ දොඩවන්නට විය, ඔහුගේම සිතුවිලි නිමක් නැතිව කඩා වැටුණි, කරදර ඔහුගේ පැවැත්මේ සෑම අංශයක්ම ආක්‍රමණය කර තිබුණි. කෙසේ වෙතත්, මැවිල්ලේ තේජස ඔහුට දෙවියන්වහන්සේගේ දිව්‍ය බලය ගැන මෘදු ලෙස කතා කළේය.

අහසේ තේජස, අභ්‍යාවකාශයේ එල්ලී තිබු පෘථිවියේ අභිරහස සහ ක්ෂිතිජයේ ස්ථායීතාවය යනාදිය ලෝකය දෙවියන්වහන්සේගේ අත්ලේ බව යෝබ්ට මතක් කර දුන්නේය (26:7-11). කැළඹෙන මුහුදක් සහ ඝෝෂාකාරී වාතාවරණයක් පවා ඔහුට මෙසේ පැවසීමට හේතු විය, “මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්ප මාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද!” (14 පදය).

ලෝකයේ අරුමපුදුම දේ නියෝජනය කරන්නේ දෙවියන්වහන්සේගේ හැකියාවන්ගෙන් කුඩා කොටසක් නම්, එය උන්වහන්සේගේ බලය තේරුම් ගැනීමට අපට ඇති හැකියාව ඉක්මවා යන බව පැහැදිලිය. බිඳවැටීමේ කාලවලදී, මෙය අපට බලාපොරොත්තුවක් ලබා දෙයි. දුක් විඳීමේදී යෝබ්ට උපකාර කළ ආකාරයටම ඔහු වෙනුවෙන් කළ දේ ඇතුළුව දෙවියන්වහන්සේට ඕනෑම දෙයක් කළ හැකිය.