නව හැවිරිදි ඩෑන් ගිල් තම පංති මිතුරාගේ උපන් දින සාදයට පැමිණියේ තම හොඳම මිතුරා වූ ආර්චී සමගය. උපන් දිනය සමරන මිතුරාගේ මව ආර්චී දුටු විට ඔහුව නිවස තුළට ගැනීම ප්‍රතික්‍ෂේප කළේය. “මෙහි ආසන මදි” කියා ඇය තදින්ම කියා සිටියාය. කළු ජාතිකයෙක් වූ තම මිතුරාට ඉඩ දීම සඳහා තමාට බිම හිඳ ගන්නට ඩෑන් කැමති වූවත් එසේ කළ නොහැකි බව මව කියා සිටියාය. කලකිරුණු ඩෑන් තම ත්‍යාගයන් එහි තබා ආර්චී සමග නිවසට පැමිණියේ තම මිතුරාගේ ප්‍රතික්‍ෂේපය නිසා පසාරු වූ හදවතකින් යුක්තවය.

දැන් වසර ගණනාවකට පසුව ඩෑන් පාසැල් ගුරුවරයෙක් වන අතර සෑම විටම ඔහුගේ පංති කාමරයේ එක් හිස් පුටුවක් තබා තිබුණි. සිසුන් ඒ මන්ද කියා විමසූ විට ඔහු පැහැදිළි කළේ “සෑම කෙනෙකුටම පංති කාමරයේ ඉඩ ඇති බවට” එය ඔහුට සිහිපත් කරන බවයි.

ජීවනයට ආරාධනා කරන යේසුස්වහන්සේගේ හදවත සියලුම දෙනාට විවෘතය “වෙහෙසවෙන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා” (මතෙව් 11:28). මෙම ආරාධනය යේසුස්වහන්සේගේ සේවයේ විෂය පථයේ පළමුකොට යුදෙව්වාට යන සංකල්පයට පරස්පර විරෝධී ලෙස පෙනිය හැකිය (රෝම 1:16). නමුත් ගැළවීමේ ත්‍යාගය යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන සියලු දෙනාටම අයිතිය. ‘අපි කවුරුන් වූවත් අදහන සියල්ලන්ටම එය සත්‍ය බව’ පාවුල් ලියා තිබේ (3:22).

ක්‍රිස්තුස්වහන්සේ සෑම දෙනාටම දෙන ආරාධනය නිසා අපි ප්‍රීති වෙමු : “මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය” (මතෙව් 11:29). උන්වහන්සේ විවෘත හදවතින් යුක්තව සහනය සොයන සියල්ලන් වෙනුවෙන් බලා සිටින සේක.