1951 දී ජෝසප් ස්ටාර්ලින්ගේ වෛද්‍යවරයා ඔහුට අවවාද කරමින් කියා සිටියේ ඔහුගේ සෞඛ්‍යය රැක ගන්න නම් අධික වැඩ අඩුකරන්න කියාය. සෝවියට් දේශයේ පාලකයා, වෛද්‍යවරයා චරපුරුෂයෙක් ලෙසට චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කීවේය. බොහෝ අයට බොරුවෙන් පීඩා කළ කුරිරු පාලකයාට සත්‍යය දරා ගැනීමට නොහැකි විය. ඔහු විසින් බොහෝ විට කළ පරිදි සත්‍යය කථා කළ අයව ඔහු පහ කළේය. කෙසේ වෙතත් සත්‍යය ජය ගත්තේය. ස්ටාර්ලින් 1953 දී මිය ගියේය.

අනාගතවක්තෘ යෙරෙමියාගේ බියජනක අනාවැකි නිසා දම්වැල් දමනු ලැබූ ඔහු (යෙරෙමියා 38:1-6, 40:1) නිශ්චිතව යෙරුසලමට වන දෙය යුදාහි රජුට පැහැදිළි කළේය. “මා විසින් ඔබට කියන හැටියට ස්වාමින්වහන්සේගේ හඬට කීකරු වුණ මැනවි” කියා ඔහු ශෙදෙකියා රජුට පැවසීය (38:20). නගරය වටකර සිටින හමුදාවට භාර නොවීම කරුණ තවත් බරපතල කරනවා ඇත. “නුඹේ සියලු භාර්්‍යයාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. නුඹත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය” (23 පදය) කියා යෙරෙමියා අනතුරු ඇඟවීය.

මෙම සත්‍යය මත ක්‍රියා කිරීමට ශෙදෙකියා අපොහොසත් විය. ක්‍රමයෙන් බබිලෝනියන්වරු රජුව අල්ලා ගෙන ඔහුගේ සියලු පුත්‍රයන් මරා දමා නගරය පුළුස්සා දැමූහ (39 වන පරිච්ඡේදය).
එක් අතකින් සෑම මිනිසාම ශෙදෙකියාගේ ඉරණමට ගොදුරු වෙති. අපි අපගේ ජීවිතවල පාපය සහ වැරදි තීරණ තුළ සිරවී සිටිමු. බොහෝ විට අප ගැන සත්‍යය පවසන අයව මග හැර කාරණා වඩාත් බියකරු කර ගන්නෙමු. අප කළ යුත්තේ “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6) යන්න ප්‍රකාශ කළ තැනන්වහන්සේගේ කැමැත්තට යටත් වීමය.