ඉලේන්ට පැතිර ගිය පිළිකාවක් ඇති බව සොයා ගත් විට ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා වන චක් ඇය යේසුස් වහන්සේ සමග සිටීමට යන දවස වැඩිකල් නොවන බව දැන ගත්හ. ඔවුන් එක්ව ගමන් කළ පනස් හතර වැනි වසරේ ගැඹුරුම සහ අසීරුම මිටියාවත් තුළින් ගමන් කරද්දී ගීතාවලිය 23 හි පොරොන්දුව පරිදි දෙවියන්වහන්සේ ඔවුන් සමගය යන පොරොන්දුව ඔවුන් දෙදෙනාම අගය කළහ. ඉලේන් දශක ගණනාවකට පෙර යේසුස්වහන්සේ කෙරෙහි ඇගේ ඇදහිල්ල තබා තිබූ හෙයින් ඇය යේසුස්වහන්සේව මුණ ගැසීමට සුදානම්ය යන සත්‍යය තුළ ඔව්හු බලාපොරොත්තුව තැබූහ.

ඔහුගේ භාර්්‍යයාවගේ සිහි කිරීමේ මෙහෙයේදී තමා තවමත් “මරණ සෙවණේ මිටියාවත මැදින්” (ගීතාවලිය 23:4) ගමන් කරන බව චක් බෙදා ගත්තේය. ඔහුගේ භාර්්‍යයාවගේ ස්වර්ගීය ජීවිතය දැනටමත් ආරම්භ වී ඇත. නමුත්
“මරණ සෙවන” ඔහු සමගත් ඉලේන්ට බොහෝ සෙයින් ප්‍රේම කළ අය සමගත් තවමත් තිබුණි.

අපි මරණ සෙවණේ මිටියාවතෙහි ගමන් කරන විටදී අපගේ ආලෝකයේ මූලාශ්‍රය අපට සොයා ගත ගත හැක්කේ කොහෙන්ද? “දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්” (1 යොහන් 1:5) අපෝස්තලු යොහන් ප්‍රකාශ කරන්නේය. යොහන් 8:12 හි “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය” කියා යේසුස්වහන්සේ කී සේක.

යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් ලෙස අපි උන්වහන්සේගේ “මුහුණේ එළියෙහි හැසිරෙමු” (ගීතාවලිය 89:15). අපි අඳුරුම මිටියාවත මැදින් යන විට පවා අප සමග සිටින බවටත් අපගේ ආලෝකයේ මූලාශ්‍රය වන බවටත් අපගේ දෙවියන් වහන්සේ පොරොන්දු වූ සේක.