වසර කිහිපයකට පෙර අපගේ පවුලේ අය හතර කොණ යනුවෙන් හැඳින්වූ එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක් එකට හමුවන එකම ස්ථානය වෙත ගියෙමු. මාගේ ස්වාමි පුරුෂයා ඇරිසෝනා කියා සළකුණු කර තිබූ ස්ථානයේ සිට ගත්තේය. අපගේ වැඩිමහල් පුත්‍රයා වන ඒ.ජේ. ඌටා යනුවෙන් සඳහන් ස්ථානයට පැන්නේය. අපගේ බාල පුත්‍රයා වන සේවියර් මගේ අත අල්ලා ගෙන අපි කොලරාඩෝ යනුවෙන් සඳහන් ස්ථානයට පිය නැගුවෙමු. මම ස්කූටියෙන් නව මෙක්සිකෝවට යද්දී “අම්මා ඔබ මාව කොලරාඩෝහී තනි කරයි කියල මම හිතුවේ නැහැ” කියා සේවියර් කීවේය. අපි එකතුවද වෙන්වද සිටියත් අපගේ සිනහව වෙනස් වූ ප්‍රාන්ත හතරකට ඇසුණි. දැන් අපගේ පුත්‍රයන් වැඩී නිවස හැර ගොස් තිබුණත් ඔවුන් කොහේ ගියත් සියලු සෙනග සමග සමීපව සිරීමට දෙවියන්වහන්සේ දී ඇති පොරොන්දුව ගැන ගැඹුරු ඇගයිමක් මට දැන් තිබේ.

මෝසෙස් මිය ගිය පසු දෙවියන්වහන්සේ යෝෂුවා නායක්තවයට කැඳවා ඉශ්‍රායෙල් දේශය ව්‍යාප්ත කරද්දී උන්වහන්සේගේ අභිමුඛය ඔහු සමග තැබීමට සහතික වූ සේක (යෝෂුවා 1:1-4). “මම මෝසෙස් සමග සිටියාක් මෙන්ම නුඹ සමගත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි. නුඹ අත් නාරින්නෙමි” (5 පදය). උන්වහන්සේගේ සෙනගගේ නව නායකයා වශයෙන් යෝෂුවා සැකයෙන් සහ භියෙන් පොර බදිනු ඇතැයි දැන සිටි දෙවියන්වහන්සේ මේ වචනවලින් බලාපොරොත්තුවේ අත්තිවාරමක් ගොඩ නැගූ සේක. “මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්්‍යයවත්ව සිටපන්න. තැති නොගනින්න. නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ සුඹ සමග සිටින සේක” (9 පදය).

දුෂ්කර කාලවලදී පවා අපව සහ අපගේ ප්‍රේමණීයයන්ව දෙවියන්වහන්සේ කුමන ස්ථානයකට මග පෙන්වූවත් උන්වහන්සේගේ සහනය දෙන කැපවීම අපට සහතික කරන්නේ උන්වහන්සේ සෑම විටම අප සමග සිටින බවයි.