සාන්ත නිකුලස් (සාන්ත නික්) යන නමින් අප දන්නා පුද්ගලයා ක්‍රි.ව. 270 දී පමණ ධනවත් ග්‍රීක පවුලක ඉපදුණි. අවාසනාවකට මෙන් ඔහු කුඩා කාලයේදී ඔහුගේ දෙමාපියන් මිය ගිය අතර ඔහුට ප්‍රේම කළ සහ දෙවියන් වහන්සේ අනුගමනය කරන්න ඔහුට ඉගැන්වූ මාමා කෙනෙක් සමග ජීවත් වූයේය. නිකුලස් තරුණයෙක්ව සිටි අවදියේදී පුරාවෘත්තයේ සඳහන් වන පරිදි විවාහය සඳහා දෑවැද්ද නොමැතිව අසරණ වූ තරුණියන් තිදෙනෙක් ගැන ඔහුට අසන්න ලැබුණි. අවශ්‍යතා ඇති අයට දෙන්න යන යේසුස්වහන්සේගේ ඉගැන්වීම අනුගමනය කරන්න සිතූ නිකුලස් ඔහුගේ උරුමය රැගෙන ඉන් රන් කාසි බෑගය බැගින් එක් එක් සහෝදරියට දුන්නේය. වසර ගණනාවක් පුරාවටම නිකුලස් දුගීන්ට ආහාර ලබා දීමටද අන් අයට සැළකීමටද තමාගේ ඉතිරි මුදල් භාවිතා කළේය. ඊට පසු සියවස් වලදී ඔහුගේ මහත් ත්‍යාගශීලිත්වයට ගෞරවය ලැබූ අතර නත්තල් සියා යනුයෙන් අප හඳුන්වන චරිතයට හේතු වූයේද ඔහුය.

නත්තල් කාලයේ දැන්වීම් සහ ආටෝපයන් අපගේ සැමරීමට තර්ජනයක් වූවත් තෑගි දීමේ චාරිත්‍රය නිකුලස්ට සම්බන්ධය. ඔහුගේ ත්‍යාගශීලී භාවයට පදනම් වූයේ ඔහු යේසුස්වහන්සේ කෙරෙහි තබා තිබූ භක්තියයි. සිතාගත නොහැකි ත්‍යාගශීලි බවක් එනම් දෙවියන්වහන්සේ වන අතීශයින් ගැඹුරු ත්‍යාගය ක්‍රිස්තුස්වහන්සේ ක්‍රියාත්මක කළ බව නිකුලස් දැන සිටියේය. යේසුස්වහන්සේ යනු “දෙවියන්වහන්සේ අප සමගය” (මතෙව් 1:23). එසේම උන්වහන්සේ ජීවනය නැමැති ත්‍යාගය ගෙන ආ සේක. මරණීය ලෝකයක “තමන්ගේ සෙනග ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේය” (21 පදය).

අප යේසුස්වහන්සේව විශ්වාස කරන විට පූජා කිරීමේ ත්‍යාගශීලිත්වය දිග හැරෙන්නේය. අපි අන් අයගේ අවශ්‍යතා ගැන සළකන්නෙමු. දෙවියන්වහන්සේ අපට සපයන ලෙසට අපි ප්‍රීතියෙන් යුතුව ඔවුන්ට සපයන්නෙමු. මෙය සාන්ත නික්ගේ කථාවයි. ඊටත් වඩා එය දෙවියන්වහන්සේගේ කථාවයි.