ඇමරිකන් කර්තෘ ඕ.හෙන්රි 1905 දී තම ප්‍රියතම කථාව වන “ණැනවතුන්ගේ ත්‍යාගය” නැමැති නත්තල් කථාව ලියන විට පුද්ගලික කරදරවලින් මිදීමට ඔහුද පොර බදමින් සිටියේය. එහෙත් ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ චරිත ගුණාංගයක් වන පූජාව ඉස්මතු කරන මනහර කථාවක් ලිවීය. එම කථාවේ එක් කාන්තාවක් නත්තල් දිනට පෙර දිනයේදී තම ස්වාමි පුරුෂයාගේ ඔරලෝසුවට රන් දම්වැලක් මිළදී ගැනීමට තම අලංකාර දිගු කොණ්ඩය විකිණීය. පසුව ඇයට දැන ගන්නට ලැබුණු පරිදි ඇයගේ අලංකාර කෙස් කළඹ පීරීමට පනා කැරැල්ලක් මිළදී ගැනීම සඳහා ඔහු තම ඔරලෝසුව විකුණා ඇති බවයි

ඔවුන් එකිනෙකාගේ ශ්‍රේෂ්ඨ ත්‍යාගයන්? පූජා කිරීම. ඔවුන් එකිනෙකාගෙන් මහත් ප්‍රේමයක සංඥා පෙන්වනු ලැබීය. ඒ ආකාරයට මෙම කථාවෙන් සංකේතවත් කරන්නේ ණැනවතුන් විසින් ක්‍රිස්තුස්වහන්සේට උන්වහන්සේගේ උපතින් පසුව (මතෙව් 2:1-11 බලන්න) දුන් ත්‍යාගයන්ය.

කෙසේ වෙතත්, එම ත්‍යාගයන්ට වඩා යේසුස්වහන්සේ නැමැති දරුවා හැදී වැඩී මුළු ලෝකය වෙනුවෙන් තම ජීවිතය දෙනු ඇත.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපට අපගේ දෛනික ජීවිත වල මෙම ශ්‍රේෂ්ඨ ත්‍යාගය ඉස්මතු කළ හැක්කේ අපගේ කාලය වස්තුව ප්‍රේමය පෙන්වන චිත්ත ස්වභාවයන් ඉස්මතු කරමිනි. අපෝස්තලු පාවුල් ලියා ඇති පරිදි
“එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට….” (රෝම 12:1) යනුවෙනි. යේසුස්වහන්සේගේ ප්‍රේමය තුළින් අන් අයට කැපවීම තරම් යහපත් ත්‍යාගයක් නොමැත.