එලන්ට වියදම දරා ගැනීමට අසීරු වූවාය. එම නිසා ඇය නත්තල් පාරිතෝෂිකයක් ලැබීම ගැන සතුටු වූවාය. එය ප්‍රමාණවත් වූවත් ඇය එය තැන්පත් කළ විට ඇයට පුදුම වීමට තවත් හේතුවක් තිබුණි. බැංකු නිලධාරියා ඇයට කීවේ නත්තල් ත්‍යාගයක් ලෙස බැංකුව විසින් ජනවාරි මස උකස් ණය වාරිකය ඇගේ ගිණුමට බැර කර ඇති බවයි. දැන් ඇයටත් ටේ්‍රටත් අනෙකුත් බිල්පත්ද ගෙවා තවත් අයෙක් පුදුම කරවීම සඳහා නත්තල් ත්‍යාගයක්ද දිය හැකිය.

අප බලාපොරොත්තු වෙනවාටත් වඩා අපට ආශිර්වාද කිරීමට දෙවියන්වහන්සේට පුළුවන. ඇයගේ ස්වාමි පුරුෂයා සහ පුතුන් මිය ගොස් සිටි නිසා නායොමි තිත්තකමෙන් සහ වේදනාවෙන් සිටියාය (රූත් 1:20-21). ඇයගේ මෙම අසීරු තත්ත්වයෙන් ගළවා ගත්තේ ඇයගේ ලේලිය වන රූත්ව විවාහ කර ගෙන රූත්ටත් නායොමිටත් නිවසක් ලබා දුන් ඥාතියෙක් වන බෝවස්ය. (4:10).

නායොමිට බලාපොරොත්තු විය හැකිව තිබුණේ එපමණක් විය හැකිය. නමුත් දැන් දෙවියන්වහන්සේ රූත්ට සහ බෝවස්ට දරුවෙක්ගෙන් ආශිර්වාද කළ සේක. දැන් නායොමිගේ “ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද (ඇගේ) මහලු වයසේදී (ඇයව) පෝෂණය කරන්නෙක්ද” වන මුණුපුරෙක් සිටින්නේය (15 පදය). එය ප්‍රමාණවත් වීමට තිබුණි. නමුත් බෙත්ලෙහෙමේ ස්ත්‍රීන් පවසන පරිදි “නායොමිට පුත්‍රයෙක් උපන්නේය” (17 පදය). පසුව කුඩා ඕබෙද් වැඩී “දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියා” (17 පදය) වූයේය. නායොමිගේ පවුල ඉතිහාසයේ ඉතා වැදගත් වූ ඉශ්‍රායෙල් රාජකීය පෙළපතට අයිති විය. එය ප්‍රමාණවත් විය යුතුව තිබුණි. කෙසේ වෙතත් දාවිත් යේසුස් වහන්සේගේ මුතුන් මිත්තෙක් විය.

අපි ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නේ නම් අපද නායොමිට සමාන තත්ත්වයක සිටින්නෙමු. උන්වහන්සේ අපව ගළවා ගන්නා තෙක් අපට කිසිවක් නොතිබුණි. දැන් පියාණන් වහන්සේ අපව සම්පූර්ණයෙන්ම පිළිගෙන අන් අයට ආශිර්වාද කිරීම සඳහා අපට ආශිර්වාද කරන සේක. එය උවමනාවටත් වඩා ප්‍රමාණවත් වන්නේය.