ඈන් හැදී වැඩුණේ දරිද්‍රතාවය සහ වේදනාව මධ්‍යයේය. ඇගේ සහෝදරයන් දෙදෙනෙක් ළදරු කාලයේදීම මිය ගියහ. ඇයට වයස අවුරුදු පහේදී අක්‍ෂි රෝගයක් ඇයව අර්ධ අන්ධ බවට පත් කළ අතර ඇයට කියවීමට හෝ ලිවීමට නොහැකි වුනි. ඇන් අට හැවිරිදි වියේදී ක්‍ෂය රෝගයෙන් ඇගේ මව මිය ගියාය. ටික කලකින් අපයෝජනයට බර පියා ජීවත් වන දරුවන් තිදෙනා දමා පැන ගියේය. බාලයා ඥාතීන් සමග ජීවත්වීමට යවන ලදී. නමුත් ඈන් සහ ඇගේ සහෝදරයා වන ජිමී කඩා වැටුණු ප්‍රමාණයට වඩා කුඩා වූ සෙනග සිටි දුගී නිවසක් වූ ටෙක්ස්බරි අනාථාගාරයට යවනු ලැබුණි. මාස කිහිපයකට පසු ජිමී මිය ගියේය.

වයස දහ හතරේදී ඈන්ගේ වාතාවරණය දීප්තිමත් විය. ඇයව අන්ධ පාසැලකට යවන ලද අතර එහිදී ඇයට අක්‍ෂි සැත්කමක් කරන ලද්දේ ඇයගේ පෙනීම වර්ධනය කිරීමට සහ ලියන්න කියවන්න ඉගෙන ගැනීම සඳහාය. මුලදී පොර බැදුවද ඇය අධ්‍යාපනිකව ඉහළ ලකුණු සහිතව විශිෂ්ඨ ලෙස සමත් වූවාය. අපි අද ඇයව දන්නේ හෙලන් කෙලර්ගේ ගුරුවරිය සහ හවුල්කාරිය වන ඈන් සලයිවන් ලෙසය. උත්සාහය ඉවසීම සහ ප්‍රේමයෙන් යුතුව ඈන් අන්ධ සහ බිහිරි හෙලන්ට කථා කිරීමටද බ්‍රේල් ක්‍රමයට කියවීමටද උපාධිය ලබා ගැනීමටද ඉගැන්වූවාය.

යෝසෙප්ටද අන්තයට ගිය පරීක්‍ෂාවන් ජය ගැනීමට සිදු විය. ඔහුගේ ඊර්ෂ්‍යාකාර සහෝදරයන් විසින් අවුරුදු දහහතේදී ඔහුව වහල් කමට විකිණූ අතර පසුව වැරදි චෝදනාවකට ඔහුව සිර කරන ලදී (උත්පත්ති 37; 39-41). එසේ වූවත් දෙවියන්වහන්සේ ඉජීප්තුවද ඔහුගේ පවුලේ අයවද සාගතයෙන් ගළවා ගැනීමට ඔහුව භාවිතා කළ සේක (50:20).

අපි සියල්ලෝම පරීක්‍ෂාවන්ට සහ කරදර වලට මුහුණ දෙන්නෙමු. ජය ගැනීමට සහ අන් අයගේ ජීවිතවලට බලපෑමක් කිරීම සඳහා දෙවියන්වහන්සේ යෝසෙප්ට සහ ඈන්ට උපකාර කළාක් මෙන් උන්වහන්සේට අපටද උපකාර කර අපව භාවිතා කල හැකිය. උපකාරය සහ මග පෙන්වීම සඳහා උන්වහන්සේව සොයන්න. උන්වහන්සේ දකින සේක. සවන් දෙන සේක.