කුඩා තිරයෙන් විකාශය කෙරෙන රූපක, අදහස් සහ දැන්වීම් ප්‍රහාරකයන්ගෙන් වෙහෙසට පත්ව සිටි මා දූරකථනය පසෙකින් තැබුවෙමි. පසුව නැවත එය අතට ගෙන විවෘත කළෙමි. මන්ද?

නිකලස් කාර්ගේ පොත වන ෂැලොස් හී (නොගැඹුරු) ඔහු විස්තර කරන්නේ අන්තර් ජාලය විසින් අපගේ සම්බන්ධතාවයන් නිශ්චලතාවයට හැඩ ගස්වා ඇති බවයි. “අන්තර්ජාලය සිදු කරනු ලබන්නේ අවධානයේ සහ මෙනෙහි කිරීමේ ධාරිතාව අඩු කිරීමය. මම මාර්ගගතව සිටියත් නොසිටියත් මගේ මනස බලාපොරොත්තු වන්නේ ඉක්මණින් සහ කොටස් වශයෙන් අන්තර්ජාලය බෙදා හරින ලෙසට දැන්වීම් ලබා ගැනීමටය. මුලින් මම වචන නැමැති මුහුදේ කිමිදුම්කරුවෙක් වූයෙමි. දැන් මම මුහුද මත පාවෙන ලෑල්ලක සිටින කෙනෙක් බවට පත්වී සිටිමි”.

මානසිකව ලෑල්ලක පාවෙමින් සිටින ජීවිතයක් ගත කිරීම සෞඛ්‍ය සම්පන්න නොවේ. නමුත් අපි වේගය අඩු කර ගෙන ආත්මික ජලයේ ගැඹුරටම කිමිදෙන්නේ කෙසේද? ගීතාවලිය 131 හි දාවිත් පවසන්නේ “මගේ ආත්මය සනසා නිශ්චල කර ගතිමි” (2 පදය) කියාය. මට වගකීමක් ඇති බව දාවිත්ගේ වචන මතක් කර දෙයි. නිශ්චල වීමට මම ගන්නා තීරණය නැවත නැවත ගන්න සිදු වූවත් පුරුදු වෙනස් වන්නේ මා නිශ්චලවීමට ගන්නා තීරණය මතය. සෙමෙන් වූවත් අපි දෙවියන්වහන්සේ ලබා දෙන සෑහීමේ යහපත්කම අත්විඳින්නෙමු. කිසිම ස්මාර්ට් දූරකථනයකින් ස්පර්ශ කළ නොහැකි සහ කිසිම සමාජ මාධ්‍යයකින් ලබා දිය නොහැකි බාලපොරොත්තුව දෙන්නේ උන්වහන්සේ පමණක්ම බව සිහිපත් කර ගෙන අපට කුඩා දරුවෙක් මෙන් සෑහීමේ විශ්‍රාමය ලබා ගත හැකිය (3 පදය).