නිවාඩුවක් ගත කරන කාලයක මමත් මගේ භාර්්‍යයාවත් උදෑසනින් පාපැදි පදිමින් සතුටු වූයෙමු. එක මගකදී අප ගමන් කළේ මිලියන පතියන්ගේ නිවෙස් අසළිනි. විවිධ පුද්ගලයන් බල්ලන් සමග ඇවිදිනවාද සමහරු පාපැදි වලින් යනවාද දුටුවෙමු. තවද බොහෝ සේවකයන් නව නිවාස ගොඩ නගමින්ද එසේත් නැත්නම් හොඳින් බලා හදා ගෙන තිබූ වතු අලංකාර කරමින්ද සිටියහ. ඒ ජීවිතයේ විවිධ හරස්කඩ වල මිශ්‍රණයක් වූ අතර අගනා සත්‍යයක් මට සිහිපත් වුනි. අප අතර ඇත්තෙන්ම වෙනසක් නැත. ධනවත් හෝ දුගී. වස්තුව ඇති හෝ වැඩ කරන ජනතාව. දන්නා හෝ නොදන්නා. එම මාර්ගයේ අපි සියලු දෙනාම ඒ උදෑසන එක හා සමාන වීමු.
“පොහොසතාද දුප්පතාද සම්මූඛ වෙති. ඔවුන් සියල්ලන්ගේ මැවුම්කාරයා ස්වාමින්වහන්සේය” (හිතෝපදේශ 22:2). වෙනස්කම් තිබුණද අප සියල්ලන්ම මවා ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙනි (උත්පත්ති 1:27).

නමුත් ඊට වඩා යමක් තිබේ. දෙවියන්වහන්සේ ඉදිරියෙහි සමානය යන්නට අපගේ ආර්ථික, සමාජීය හෝ ජාති අවස්ථාවන් කුමක් වූවත් අපි සියල්ලෝම පාපය සහිතව ඉපදෙන්නෙමු යන අර්ථයද ඇතුළත්ය. “සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3:23). අපි සියල්ලෝම අකීකරු වී උන්වහන්සේ ඉදිරියෙහි එක හා සමානව වරදකරුවන් වී සිටින අතර අපට යේසුස්වහන්සේ අවශ්‍ය වන්නේය.

විවිධාකාර හේතූන් නිසා අපි බොහෝ විට සෙනගව කණ්ඩායම්වලට බෙදන්නෙමු. නමුත් යථාර්ථය වන්නේ අපි සියල්ලෝම මනුෂ්‍ය වර්ගයේ කොටස්කරුවෝ වීමයි. එසේම අපි සියල්ලෝම එකම තත්ත්වයේ එනම් සියල්ලෝම පව්කාරයන්ව ගැළවුම්කරුවෙක්ගේ අවශ්‍යතාවයෙන් සිටින්නෝ වන හෙයින් උන්වහන්සේගේ අනුග්‍රහයෙන්
“නොමිළයේ ධර්මිෂ්ඨකරනු” (දෙවියන්වහන්සේ සමග නිවැරදි කරනු) ලැබ සිටිමු (24 පදය).