දකුණු බහමාස් හී රෑග්ඞ් දූපත නමින් කුඩා දිවයිනක් ඇත. දහනව වන ශත වර්ෂයේදී එහි ක්‍රියාකාරී ලුණු කර්මාන්තයක් තිබුණි. නමුත් එම කර්මාන්තයේ යම් කිසි කඩා වැටීමක් නිසා බොහෝ දෙනෙක් අසළ ඇති දූපත්වලට සංක්‍රමණය වූහ. 2016 දී එහි ජීවත් වූයේ අසූවකටත් වඩා අඩු පිරිසකි. එහි ආගමික නිකායන් තුනක් තිබුණද සෑම සතියකම නමස්කාරය සහ සහභාගීකමට සියල්ලෝම එකම ස්ථානයකට රැස්වූහ. එහි වැසියන් ස්වල්ප දෙනෙක් නිසා සමූහනයේ හැඟීම ඔවුන්ට ඉතා විශේෂිත වුනි.

මුල් සභාවේ සෙනගටද සමූහනයක අවශ්‍යතාවයේ සහ ආසාවේ හැඟීම ඇති වුනි. ඔවුහු යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම හේතුවෙන් ලැබුණු අලුත් ඇදහිල්ල නිසා උද්දාමයට පැමිණ සිටියහ. එසේම උන්වහන්සේ භෞතිකව ඔවුන් සමග නැතැයි ඔවුන් දැන සිටි හෙයින් ඔවුන්ට එකිනෙකා අවශ්‍ය බව දැන ගත්හ. ඔව්හූ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමෙහිද රොටී කැඩීමෙහිද ……. ස්ථිර ලෙස පැවතුණහ (ක්‍රියා 2:42). ඔව්හු නමස්කාරය සහ ආහාර සඳහා නිවෙස්වල රැස්වූ අතර එකිනෙකාගේ අවශ්‍යතා ගැන සළකා බැලූහ. සභාව විස්තර කර තිබුණේ මෙලෙසිනි : “අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්ත වූහ” (4:32). ශුද්ධාත්මයෙන් පූර්ණව ඔව්හූ දෙවියන්වහන්සේට අඛණ්ඩව ප්‍රශංසා කර සභාවේ අවශ්‍යතා යාච්ඤාවෙන් යුතුව උන්වහන්සේ වෙත ගෙන ගියහ.

අපගේ වර්ධනය සහ සහයෝගය සඳහා සමූහනය අත්‍යවශ්‍යය වන්නේය. එය තනිව යාමට උත්සාහ නොකරන්න. ඔබගේ පොර බැදීම් සහ ප්‍රීතිය ඔබ අන් අය සමග බෙදා ගනිමින් එකතුව දෙවියන්වහන්සේ වෙතට ළංවන විට සමූහනයේ හැඟිම දෙවියන්වහන්සේ වර්ධනය කරන සේක.