ඬේවිඞ් සහ ඇන්ජිට පිටරටක සේවයට යන ලෙසට දැණුනු කැඳවීම ස්ථිර යයි ඔවුන්ට හැඟුණේ එයට පසුව පැමිණි සාර්ථක සේවය නිසාය. නමුත් ඔවුන්ගේ ගමනේ එක් අවාසියක්ද තිබුණි. ඬේවිඞ්ගේ වයස්ගත දෙමාපියන් දැන් නත්තල තනිවම සමරනු ඇත.

ඬේවිඞ් සහ ඇන්ජි දෙමව්පියන්ගේ නත්තලේ පාළුව අඩු කිරීමට උත්සාහ කළේ ඉක්මණින් නත්තල් තෑගි තැපැල් කර නත්තල් උදෑසන දුරකථන ඇමතුම් දීමෙනි. නමුත් ඔවුන්ගේ දෙමව්පියන්ට අවශ්‍ය වූයේ ඔවුන්වය. ඬේවිඞ්ගේ ආදායම ප්‍රමාණවත් වූයේ ඉඳහිට ගමනක් යාමටය. ඔවුන් ඊට වඩා කුමක් කරන්නද? ඬේවිඞ්ට ප්‍රඥාව අවශ්‍ය විය.

හිතෝපදේශ 3 ප්‍රඥාව සෙවීම ගැන කඩිනම් පාඨමාලාවක් වූ අතර අපගේ තත්ත්වයන් දෙවියන්වහන්සේ වෙත ගෙන යාමෙන් ප්‍රඥාව ලබා ගන්නා ආකාරය එය පෙන්නුම් කරයි (5-6 පද). එසේම එහි විවිධ ගුණාංග වන ප්‍රේමය සහ විශ්වාසවන්ත කම ගැනද (3-4; 7-12 පද), වරප්‍රසාද වන සාමය සහ දීර්ඝායුෂ ගැනද (13-18 පද) විස්තර කරයි. දෙවියන්වහන්සේ එවැනි ප්‍රඥාවක් ලබා දෙන්නේ “උන්වහන්සේගේ මිත්‍රකමට” අපව අරගනිමින් බව හිතෝපදේශ පොත සිත් ස්පර්ශ කරන සටහනක් ඇතුළත් කරන්නේය (32 පදය). උන්වහන්සේට සමීප අයට උන්වහන්සේගේ විසඳුම් මුමුණන සේක.

එක් රාත්‍රියකදී ඔහුගේ ගැටළුව ගැන යාච්ඤා කරද්දී ඬේවිඞ්ට අදහසක් පහළ විය. ඊළඟ නත්තල් දිනයේදී ඔහුත් ඇන්ජිත් ඔවුන්ගේ හොඳම ඇඳුම් ඇඳ ගෙන ඔවුන්ගේ මේසය සැරසිලි වලින් සරසා බැදපු රාත්‍රී ආහාරය ගෙන ආහ. ඬේවිඞ්ගේ දෙමාපියන්ද එසේම කළහ. ඉන්පසුව ලැප්ටොප් පරිගණකය මේසය මත තබා ගෙන වීඩියෝ ලින්ක් එක හරහා ඔවුහු එකට ආහාර ගත්හ. ඔවුන් එකම කාමරයක සිටින බවක් ඔවුන්ට හැඟුණි. එදින සිට එය පවුල් චාරිත්‍රයක් බවට පත් විය.

දෙවියන්වහන්සේ ඬේවිඞ්ව මිත්‍රකමට රැගෙන ඔහුට ප්‍රඥාව ලබා දුන් සේක. අපගේ ප්‍රශ්න වලට නිර්මාණාත්මක විසඳුම් ලබා දීමට උන්වහන්සේ ප්‍රිය කරන සේක.