ලූඞ්ස් නම් වූ ඇය වසර තිහකට වැඩි කාලයක් සිසුන්ට මුහුණට මුහුණ ලා කට හඬ පාලනය උගන්වන ගුරුවරියකි. ඇයට මාර්ගගත ක්‍රමයට උගන්වන්න යයි පැවසූ විට ඇය කණස්සලු වූවාය. “මට පරිගණක භාවිතය පුරුදු නැත. මගේ ලැප්ටොප් පරිගණකය පැරණිය. මට වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකා ගැන දැනුමක් නැත” කියා ඇය කීවාය.

සමහරුන්ට එය සුළු දෙයක් යයි පෙණුනත් ඇයට එය විශාල කරදරයක් විය. “මම ජීවත් වෙන්නේ තනිවමයි. ඒ නිසා මට උපකාර කරන්න කිසිවෙක් නැත. මගේ සිසුන් මාව හැර යයි කියා මම සැළකිලිමත් වන්නෙමි. මට එම ආදායම අවශ්‍යයි” ඇය කීවාය.

සැම පංතියකට පෙර ඇගේ පරිගණකය නිසියාකාරව ක්‍රියා කළ යුතුය කියා ලූඞ්ස් යාච්ඤා කළාය. “පිලිප්පි 4:5-6 මගේ පරිගණකයේ උද්ධෘත පාඨයයි. මම ඒ වචන වල එල්බ ගෙන සිටිමි” කියා ඇය කීවාය.

“දෙවියන්වහන්සේ ළංව සිටින” (පිලිප්පි 4:5) නිසා කිසිවක් ගැන කණගාටු නොසිතන්න යයි පාවුල් අපට ආයාචනා කරයි. අප අල්ලා ගෙන සිටිය යුත්තේ උන්වහන්සේගේ අභිමුඛය ගැන වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුවය. අපි උන්වහන්සේගේ සමීපතාවය තුළ විශ්‍රාම ගනිමින් විශාලවූ සහ කුඩාවූ සෑම දෙයක්ම උන්වහන්සේට භාර දෙන විට උන්වහන්සේගේ සමාදානය “ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ සිත්ද සිතුවිලිද” (7 පදය) ආරක්‍ෂා කරන සේක.

“පරිගණක ක්‍රියා විරහිතවීම් නිවැරදි කරන වෙබ් අඩවිවලට දෙවියන්වහන්සේ මාව ගෙන ගිය සේක. එසේම මගේ තාක්‍ෂණික සීමාවන් ගැන තේරුම් ගත් ඉවසිලිවන්ත සිසුන් මට ලබා දුන් සේක” කියා ලූඞ්ස් කීවාය. අපගේ ජීවිතයේ සියලු දවස්වල උන්වහන්සේව අනුගමනය කිරීමට අප තීරණය කරන විට දෙවියන්වහන්සේගේ අභිමුඛය, උපකාරය සහ සමාදානය අපට භුක්ති විඳීමට ඇත්තේය. අපට විශ්වාසයෙන් යුතුව “ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්‍රීති වෙයල්ලා. ප්‍රීති වෙයල්ලා යයි නැවතත් කියමි” (4 පදය) යනුවෙන් කිව හැකිය.