“ඔබ ඒ තරුව සොයා ගතහොත් ඔබට සෑම විටම නිවස සොයා ගත හැකිය”. ඒ මම කුඩා දරුවෙක් කාලයේ උතුරු තරුව සොයා ගන්නා ආකාරය කියා දෙමින් මගේ පියා කී වචන වන්නේය. යුද්ධ කාලයේදී පියා හමුදාවල සේවය කර තිබූ අතර සමහර කාල වලදී ඔහුගේ ජීවිතය යැපුණේ රාත්‍රි අහස බලා කරන ලද ගමන් වලිනි. ඒ හෙයින් තාරකා මණ්ඩල කිහිපයක සහ ස්ථාන ගැන මා දැන ගැනීම ගැන ඔහු ස්ථිර විය. නමුත් සැමටම වඩා වැදගත් වූයේ උතුරු තරුව සොයා ගැනීමය. තරුව තිබෙන ස්ථානය සොයා ගැනීමෙන් මා සිටින ස්ථානයත් මා යා යුතු ස්ථානයත් ගැන යම් අදහසක් මට ලබා ගත හැකි වනු ඇත.

ඉතා වැදගත්කමකින් යුත් තවත් තරුවක් ගැන දේව වචනයේ සඳහන් වන්නේය. පූර්ව දිසාවෙන් පැමිණි ශාස්ත්‍රවන්තයෝ (අද අපි ඉරාකය සහ ඉරානය කියන රටවලින්) උන්වහන්සේගේ සෙනග වෙනුවෙන් දෙවියන්වහන්සේගේ රජුන් ලෙස උපත ලබන තැනන්වහන්සේ ගැන අහසේ ලකුණු බලමින් සිටියහ. ඔවුහු යෙරුසලමට පැමිණ “යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අප උන්වහන්සේගේ තාරකාව පූර්ව දිශාවෙහිදී දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමුයයි කීවෝය” (මතෙව් 2:1-2).

බෙත්ලෙහෙමේ තරුව දර්ශනය වීමට හේතුව තාරකා විද්‍යාඥයෝ දැන සිටියේ නැත. නමුත් බයිබලය එළිදරව් කරන්නේ යේසුස්වහන්සේ වන “දීප්තිමත් පහන් තාරකාව” (එළිදරව් 22:16) දෙසට ලෝකයා යොමු කරවීමට දෙවියන්වහන්සේ මැවූ එකක් ලෙසටයි. ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ අපේ පාපවලින් අපව ගළවා දෙවියන් වහන්සේ වෙතට නැවත යොමු කිරීමටය. උන්වහන්සේව අනුගමනය කරන්න. ඔබට ඔබගේ නිවසට පාර සොයා ගත හැකි වන්නේය.