1962 නොවැම්බර් මාසයේ භෞතික විද්‍යාඥ ජෝන් ඩබ්. මවුච්ලි පැවසුවේ සාමාන්‍ය පිරිමි දරුවෙක්ට හෝ ගැහැණු දරුවෙක්ට පුද්ගලික පරිඝණක විශේෂඥයෙක් නොවීමට කිසිම හේතුවක් නැති බවයි. මවුච්ලිගේ ප්‍රකාශය එදා විශිෂ්ඨ ලෙස පෙනෙන්ට තිබූ අතර අද එය පුදුමාකාර ලෙස සත්‍යයක් බවට පත්වී තිබේ. අද දවසේ දරුවෙක් මුලින්ම ඉගෙන ගන්නා නිපුණත්වයක් වන්නේ පරිගණකයක් හෝ අතේ ගෙන යා හැකි වෙනත් විද්්‍යුත් උපකරණයකි.

මවුච්ලිගේ අනාවැකිය සත්‍යයක් බවට පත් වූ අතර ඊටත් වඩා වැදගත් අනාවැකි තිබේ. එනම් දේව වචනයේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන කරන ලද පූර්ව ප්‍රකාශයන්ය. උදාහරණයක් ලෙස මීකා 5:2 හි සඳහන් වන්නේ “නුමුත් බෙත්ලෙහෙම් එප්‍රාතා, යුදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන් ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය. උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය” යනුවෙනි. දාවිත්ගේ රාජකීය පෙළපතින් බව සනිටුහන් කරමින් කුඩා බෙත්ලෙහෙමට පැමිණිමට දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව එවු සේක (ලූක් 2:4-7 බලන්න).

යේසුස්වහන්සේගේ පළමු පැමිණීම නිවැරදි ලෙස ප්‍රකශ කළ ඒ බයිබලයම උන්වහන්සේගේ නැවත පැමිණීමද ප්‍රකාශ කර ඇත (ක්‍රියා 1:11). යේසුස්වහන්සේ තම මුල් අනුගාමිකයන්ට පොරොන්දු වූයේ, ඔවුන් වෙනුවෙන් උන්වහන්සේ නැවත පැමිණෙන බවයි (යොහන් 14:1-4).

මෙම නත්තලේදී යේසුස්වහන්සේගේ උපත වටා ඇති ප්‍රකාශිත කරුණු ගැන අපි කල්පනා කරන විට අපි උන්වහන්සේව මුහුණට මුහුණ දකින ඒ මහිමාන්විත මොහොතට අපව සුදානම් කිරීමට උන්වහන්සේට ඉඩ ලබා දෙමින් උන්වහන්සේ පොරොන්දු වූ නැවත පැමිණීම ගැනද කල්පනා කරමු.