නත්තල් දිනයේ සියලු සතුට පසු දින අපව අතහැරියාක් මෙන් දැණුනි. අපි මිතුරන් සමග රාත්‍රිය ගත කළ මුත් හොඳින් නිදා නොගත්තෙමු. නිවස බලා ආපසු එද්දී අපගේ මෝටර් රථය කැඩුණි. ඉන්පසුව හිම වැටෙන්න පටන් ගත්තේය. අපි මෝටර් රථය එතැන දමා හිමෙහි සහ සීතල වර්ෂාවේ කුලී රථයකින් නිවස බලා පිටත් වුනෙමු.

අධික ආහාර ගැනීමද, ගුවන් විදුලියෙන් හදිසියේම කැරෝල් නැවැත්වීමද නිසා, හෝ සතියකට පෙර ගත් නත්තල් තෑගි ඉන් අර්ධයකට අඩුවෙන් දැන් විකිණීම නිසාද නත්තල් දිනයේ විශිෂ්ඨත්වය ඉක්මණින් නැතිවී යාම නිසාද යනාදී කරුණු හේතුවෙන් නත්තලට පසු දින එසේ සිතී ඇත්තේ අපට පමණක් නොවේ.

යේසුස්වහන්සේගේ උපතට පසු දිනය ගැන බයිබලය අපට කිසිවක් පවසන්නේ නැත. නමුත් බෙත්ලෙහෙමට ඇවිද ගොස් නවාතැන් ගැනීමට තැනක් සොයමින් වෙහෙස වීමද දරු උපතේදී මරියා දැරූ වේදනාවද එfඬ්රුන් නොදන්වා පැමිණීම නිසාද (ලූක් 2:4-18) මරියා සහ යෝසෙප් ඉතා වෙහෙසට පත්ව සිටින්න ඇති. එසේ වූවත් මරියා අලුත උපන් ළදරුවා නළවද්දී දේව දූතයන්ගේ පැමිණීම (1:30-33), එලිසබෙත්ගේ ආශිර්වාදය (42-45 පද) සහ ළදරුවාගේ ගමනාන්තය ගැන ඇගේම අවබෝධය (46-55 පද) ගැන ඇය මෙනෙහි කරන්න ඇති කියා මට සිතා ගත හැකිය. මරියා ඇගේ හදවතින් එවැනි දේවල් එදින මෙනෙහි කරන්න ඇති (2:19) අතර එය ඇගේ වෙහෙසද ශාරිරික වේදනාවද අවම කරන්න ඇති.

අපටද එවැනි අඳුරු දිනයන් සමහර විට නත්තල් දිනයට පසු දිනයේදී තිබිය හැකිය. උන්වහන්සේගේ අභිමුඛයෙන් සදාකාලයටම ලෝකය දීප්තිමත් කරමින් අපගේ ලෝකයට පැමිණි තැනන්වහන්සේ ගැන සිතමින් මරියා මෙන් අපිත් ඒ දිනයන්ට මුහුණ දෙමු.