තම පාරිභෝගිකයාගේ ලියුම් ගොඩ ගැසෙන බව දුටු එක් ලියුම් බෙදන්නියෙක් කලබල වූවාය. මෙම කාන්තාව වැඩිහිටි අයෙක් බවත් සාමාන්‍යයෙන් ඇය ඇගේ ලිපි දිනපතා එකතු කර ගන්නා බවත් තැපැල්කාරිය දැන සිටියාය. ණැනවත් තීරණයක් ගත් ඇය අසල්වාසී ස්ත්‍රියකට මේ බව දැනුම් දුන්නාය. එම අසල්වාසී ස්ත්‍රීය ඒ බව තවත් අසල්වාසී ස්ත්‍රියකට දැනුම් දුන් අතර ඇය සන්තකයේ එම නිවසට වැඩිපුර යතුරක් තිබුණි. දෙදෙනාම එක්වී නිවසට ඇතුල් වූ විට බිම වැටී සිටින කාන්තාව දුටුවෝය. ඇය දින හතරකට පෙර වැටී උදව් ඉල්ලීමට නැගිට ගැනීමට නොහැකිව සිටියාය. තැපැල් කාරියගේ ප්‍රඥාව නිසාත් සැළකිල්ල නිසාත් ඒ අනුව ක්‍රියා කිරීමට ගත් උත්සාහය නිසාත් වැඩිහිටි කාන්තාවගේ ජීවිතය බේරුණි.

ඥානවන්තයා ජීවිත ගළවා ගනියි කියා හිතෝපදේශ පොතේ සඳහන් වේ (හිතෝපදේශ 11:30). හරි දෙය කිරීමට ලැබෙන අවබෝධයෙන් සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට අනුව ජීවත් වීමෙන් අපට පමණක් නොව අප හා සම්බන්ධ වන අයටද ආශිර්වාද ගෙන ආ හැකිය. උන්වහන්සේට ගරුත්වය දෙන ආකාරයෙන් සහ උන්වහන්සේගේ මාර්ගයේ ජීවත් වීමේ ඵලය නිපදවන්නේ යහපත් සහ නැවුම් ජීවිතයක්ය. එසේම අපගේ ඵල අන් අය ගැන සැළකීමටද ඔවුන්ගේ යහපත ගැන සොයා බැලීමටද අපට කොඳුරනු ඇත.

පොත පුරාම හිතෝපදේශ කර්තෘ අවධානය යොමු කරන ලෙස ප්‍රඥාව ලැබෙන්නේ දෙවියන්වහන්සේ මත යැපීමෙනි. “ප්‍රඥාව රතු කැට වලට වඩා හොඳය. ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ” (8::11) යනුවෙන් ප්‍රඥාව සළකනු ලබයි. අපගේ ජීවිත කාලය පුරාවටම අපට මග පෙන්වන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවයි. එයට සදාකාලයටම කෙනෙක්ගේ ජීවිතයක් ගළවා ගත හැකිය.